ආගමන විගමන පනත ගැන නොදන්නා පාලකවරයෙක් සිටිම නිතිය හොදට නරකට නැමෙයි

හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණයත් සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ශ්‍රිලංකා පොලිසිය ක්‍රියා කළයුතු ආකාරය ගැන ගැටලුවක් ඇත්තේ එම ආයතන දෙකම එකම අමාත්‍යංශයක් යටතේ පැවතිම නිසා බවට තොරතුරු වාර්ථාවෙි.

අධිකරණය මගින් එවැනි තින්දුවක් ලබාදී තිබියදී අනතුරුව සිදුකළ යුතු ක්‍රියා පටිපාටිය අගමන විගමන පනතේ පැහැදිලිව දන්වා ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද කසාය බිව ගොලුවන්සේ සිටින්නේ ඔවුන්ටද ක්‍රියාත්මක විම සදහා ඉහළින් නියෝග නොලැබෙන නිසාවෙිනි.

මේ වනවිට තමන්ට ඇති බල තල සම්බන්ධයෙන් නොදන්නවාසේ ආගමන විගමන පාලකවරයා  නිතිපති දෙපාර්තමේන්තුවෙන් වැඩිධුර උපදෙස් ඉල්ලා ඇත්තේ කල් මැරිමේ උපක්‍රමයක් ලෙසින් බව වාර්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *