ජයන්තට  තානාපතිකමක් ලබාදී සංජේට අගවිනිසුරු පුටුව දිමේ සැලසුමක්

නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කර අගවිනිසුරු ධුරය ලබාදිමට රජය සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

දැනට අගවිනිසුරුධූරය දරණ ජයන්ත ජයසුරිය මහතා මේ වර්ෂය අවසානයේ  විශ්‍රාම ගැනිමට නියමිත අතර ඊට පෙර ඔහු පුර්ව විශ්‍රාම ගන්වා ප්‍රධාන රටක තානාපති ධුරයක් ලබාදිමට යොජනා කර ඇති බව වාර්ථාවෙි.

පසුව හිස්වන අගවිනිසුරුධුරය වත්මන් නීතිපති සංජේ රාජරත්නම්ට ලබාදිමට  සැලසුම් කර ඇති  බව සදහන්වේ.

මේ අතර නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කර ඇති බව වාර්ථාවෙි.

ලබන ජුනි 27 වැනිදා විශ්‍රාම යෑමට නියමිත රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් ලබා දීමේ නිර්දේශය දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව සදහන්වේ.

එය ජූනි මස මුල් සතියේ පාර්ලිමේන්තුව රැස්වන විට එම ඉල්ලීම සළකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අපේක්ෂා කරන බව ද වාර්තා වේ.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් නඩු කිහිපයක් නීතිපති දෙපාර්තමේන්තුවේ බලපපෑම මත එහිතිනුදු තිරණ බොහොමයක් වෙනස්වී නඩු රැසක් වින්දිතයින්ට අගතියට පත්විමට සිදුවිය.

කෙසේ වෙතත් සීආර් ඩී සිල්වා නීතීපති ලෙස කටයුතු කළ අවස්ථාවෙිදී ඔහුට සේවා දිගුවක් ලබා දිමට එරේහිව  ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරු නඩුවේදී එම සේවා දීගුව අවලංගු කිරිමට එවකට අගවිනිසුරු ලෙස කටයුතු කළ සරත් එන් ද සිල්වා මහතා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *