කාන්තාවන් රවටා ලක්ෂ ගණන් මුදල් ගෑරු ලේකම්වරයෙක් නිදහස් කර ගන්න රාජ්‍ය ඇමති දිලුම් දරණ උත්සහය

අයථා ලෙස රජයේ මුදල් වැයකිරීම,කාන්තාවන් රැසකගෙන් සහ පුද්ගලයන් කීප දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ   100 කට අධික මුදල් ලබාගෙන එම මුදල්  පිළිබඳව විශ්වාෂය කඩ කිරීම එකී මුදල් ආපසු ලබානොදී  මගහැර සිටියදී අධිකරණයේ නඩු පැවරීමෙන්පසු , පලාත් රාජ්‍ය සේවයේ  මහනුවර ඟඟවට කෝරළේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයෙන් ඉවත් කර වෙනත් ආයතනයකට මාරු කරයවන ලද දූෂිත  ලිපිකරුවෙකු  සම්බන්ධයෙන් මධ්‍යම පලාත් පාලන අමාත්‍යාංශයෙන්  දැඩි විනය පරීක්ෂණයක් සිදුකරද්දී එම දූෂිත  ලිපිකරුට  එරෙහි පරීක්ෂණ අත්හිටුවන්නැයි  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  ,පලාත් රාජ්‍ය නිලධාරින්ට බලපෑම් කරන බව මධ්‍යම පලාත් සභාවේ අමාත්‍යංශ  නිලධාරින් පවසයි.

මුදල් වංචා සිදුුකරන ලද දූෂිත ලිපිකරු යලිත් ඔහු නිලය දැරූ ඟඟවට කෝරළේ ප්‍රාදේශීය සභාවට පත් කරන්නැයි දිලුම් අමුණුගම අමාත්‍ය වරයා  පලාත් ආණ්ඩුකාර වරයාටද බලපෑම් කර තිබේ.

මෙම දූෂිත ලිපිකරුට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණ ඉවත් කර,ඔහුට එරෙහිව සිදුකරන විගණන පරීක්ෂණද අත්හිටුවන ලෙස දිලුම් අමුණුගම අමාත්‍ය වරයා හරහා බලපෑම් කරනු ලබන්නේ හිටපු නාගරික මන්ත්‍රී වරයෙකු වන  රෝහිත ලාල් ධර්මසිරි  සහ මහනුවර නගරයේ හෝටලයක් පවත්වාගෙන යන  අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටින අයවලුන්ය.

අයථා මුදල් ගනුදෙනු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්   අධිකරණයෙන් ලක්ෂ දෙකක  ඇප මත මුදා හැර සිටින දූෂිත ලිපිකරුවාට එරෙහිව මහනුවර පොලිසීයට පැමිණිළි රැසක් ලැබී තිබෙන බව මහනුවර පොලීසියේ නිලධාරියෙක් කීය.

මොහු බෙිරා ගැනීම සඳහා රාජ්‍ය අමත්‍යෙ දිලුම් අමුණුගමගේ ලේකම් වරු ලෙස පෙනී සිටින පුද්ගලයින් දෙදෙනා මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍යාංශයේ පලාත් පාලන විෂය භාර ලේකම් වරයාට නිතර නිතර බලපෑම් කරන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දූෂිත ලිපිකරුවා විශ්‍රාමික ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ නමයක්(9) ලබාගෙන එම මුදල් නොගෙවා මග හැර සිටින අවස්ථාවේ  ඔහුට මුදල් දුන් කාන්තාවගේ 34 හැවිරිදි පුත්‍රයාද  කම්පනය වැඩිවී හෘදයාබාධයකින් සෙනසුරාදා(18) මහනුවර රෝහලේදී මරණයට පත්විය.

ඔහුට විදෙස් රටකට යාමට තිබූ මුදල් දූෂිත ලිපිකරු විසින් ලබාගෙන එය ආපසු නොගවීම නිසා මියගිය තරුණයා සිත් තැවුලෙන් සිටි බව ඔහුගේ මව පැවසුවාය. පුද්ගලයන්රැසකගෙන් මුදල් ලබාගෙන එම  මුදල් ආපසු ගෙවීම පැහැර හැර කට්ටි පනින දූෂිත ලිපිකරු බේරා ගැනීම සඳහා දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍ය වරයා සහ ඔහුගේ ලේකම් වරු දරණ උත්සාහය පිළිබඳව සෙංකඩගල ආසනයේ ප්‍රාදේශීය දේශපාළනඥයන් රැසක් අප්‍රසාදය පලකරති.

දැනටමත් මෙම දූෂිත  ලිපිකරුට එරෙහිව පලාත් මට්ටමින් විගණන පරීක්ෂණද පැවැත්වෙන බවත්,ඔහුට එරෙහිව පැමිණිළි රැසක් ලැබී තිබෙන ,එම පරීක්ෂණ අවසන් වන තුරු ඔහු දැරූ ඟඟවට කෝරළේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ධුරයෙන් ඔහු ඉවත් කර වෙනත් ලේකම් වරයෙකු පත් කර ඇති බවත් මධ්‍යම පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *