දඹුල්ල කණ්ඩායමේ අයිතිය හොරාට කලින් කෙහෙල් කැන වැට පනී.

ලංකා ප්‍රිමියර් ලීගයේ දඹුල්ල කණ්ඩායමේ අයිතිකරු වන බංග්ලාදේශ ජාතිකයා තරග පාවා දීම් චෝදනාවකට අත් අඩංගුවට ගෙන උසාවිය මගින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට පැය විසි හතරක් ගත වන්නටත් පෙර එම ලීගයේ නිල අයිතිකරු වන අනිල් මොහාන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු දන්වා ඇත්තේ මෙම සිද්ධිය මත ලංකා ප්‍රිමියර් ලීගය නොකඩවා නියමිත පරිදි පවත්වන බවයි.

දඹුල්ලට වෙනත් හිමි කරුවකු හොයා ගන්නා බවත් ඔහු පවසයි.

මෙම ලීගය ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් පවත්වන එකක් වද්දී සමන්ත දොඩන්වල නම් තරගාවලි අධ්‍යක්ෂ වරයකු සිටියදී අනිල් මොහාන් මෙසේ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් වැනිය.

එසේම එම නිවේදනය ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයෙන් නොව අසාම් අමීන් නම් මාධ්‍යවේදියා මගින් නිකුත් කිරීමද සැක සහිතය. මොහුද මෙම ලංකා ප්‍රිමියර් ලීගයේ රහසිගත මෙහෙයුම් සිදු කරන්නකු ලෙස ප්‍රකටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *