කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමිමට වසර 3 සිර දඩුවම් විදින කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව ඇතුලු පිරිසට ලගදීම නිදහස?

පුරා විද්‍යා වටිනාකමකින් යුත් කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමිමේ චෝදනාවට වසර තුනක බරපතල වැඩ සහිතව සිර දඩුවම් විදින කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව ඇතුලු නාගරික කොමසාරිස්, ඉංජිනේරුවරයා ,බැකෝ යන්ත්‍රයේ රියදුරු හා නගර සභාවෙි සේවකයින් පස්දෙනාට ලබා දි ඇති සිරදඩුවම අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරනයේ ගොනු කර තිබු නඩුවෙන් එය විභාග කළ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියට එල්ලවු බලපෑම් හමුවේ ඉවත්වී තිබෙි.

ආදාළ නඩුව අභියාචනාධිකරනයේදී විනිසුරුවරුන් වන සසි මහෙන්ද්‍රන් හා මේනකා විජේසුන්දර යන අය ඉදිරියේ ඊයේ විභාගයට ගත් අවස්ථාවෙිදී විනිසුරුවරිය ඉවත් වුවාය.

ආදාල පුරුවිද්‍යා වටිනාකමකින් යුතු මණ්ඩපය කඩා දැමිමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමෙින්තුව විසින් මහධිකරනයේ ගොනු කළ නඩුවෙිදි 2023 දෙසරමිබර් 17 දින වරද පිළි ගැනිම හේතුවෙන් ඔවුන්ට වසර තුනක බරපතල සිර දඩුවම් හා රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂයට මුදලක් ගෙවන ලෙසට නියෝග කළේය.

කෙසේ වෙතත් නඩු විභාගයෙන් විනිසුරුවරිය ඉවත් විමෙන් පසු එය විභාග කිරිම සදහා නඩු තින්දු ලබා දිමෙි දී පක්ෂග්‍රාහි වු බවට චෝදනා ලැබු අභියාචනාධිකරනයේ සභාපති බන්දුල කරුණාරත්න පත් කර ඇත.

ක්‍රිකටි ආයතනය එරෙහි නඩු විභාගය,රාජ්‍ය ඇමති ඩයනා ගමගේගේ ගුවන් ගමන් බලපත්‍ර නඩුව ආදි සිද්ධීන් රැසකට කරුනාරත්න මහතාට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් මෙම නඩුව ලබන 27 දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න හා සසි මහේන්ද්‍ර යන මහතුන් ඉදිරියේ විභාග කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *