කෙහෙළිය ළග සිටි ගෝලයින් හිමිට පැත්ත මාරු කරයි

ඖෂධ ජාවාරම් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියරඹුක්වැල්ල මහතාගේ හිටපු පුද්ගලික කාර්ය මණ්ඩල ලේකම්වරු සියල්ලන්ම  මේවනවිට වෙනත් දේශපාළන පක්ෂ වල නායකයින් වෙත ගොස් තිබේ.

මෙලෙස කෙහෙළිය හැර ගිය සියලු ලේකම්වරු  ඇමතිවරයා සේම හොඳට හරිහම්බ කරගෙන ඉවත්ව ගොස් තිබේ.

සරත් දඹවින්න, ලින්ටන් විජේසිංහ,රුවන් ප්‍රනාන්දු  ඇතුළු ලේකම්වරුන් රැසක් මෙලෙස  කෙහෙළිය හැර ගිය පිරිස වෙති.

කෙහෙළියගේ හිටපු මාධ්‍ය ලේකම්  ජාතික ජන බල වේගයටද, ලින්ටන් නැමැති හිටපු පලාත් සභා මන්ත්‍රී  වරයා  එජාපයටද සම්බන්ධ වී සිටින අතර තවත් ලේකම්වරු කීප දෙනෙක්  මහින්දානන්ද අලුත්ගමගේ  මන්ත්‍රී වරයාටත් සහාය දීමට ඉදිරිපත් වී සිටිති.

කෙහෙළිය ඇමති ධූරයේ සිටියදී ඔහුගෙන් හරි හම්බ කරගත් ⁣ ඔහුගේ පුද්ගලික ලේකම්වරු  ඔහු හැර ගියේ නැව ගිලෙන විට නැවේ මීයන් කැරපොත්තන් නැවෙන්  මුහුදට පැන්නා  සේය.කෙහෙළිය රඹුක්වැල්ල ඇමති නිසා කොළඹ  දැක බලාගත් විවිධ තනතුරු ලබාගත් ඇතැම් ලේකම්වරු ඔහු බැලීමට වැලිකඩ හිරගෙදරටවත් නොයන බව ඔහුගේ පවුලේ ඥාතීන්  පවසති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *