ස්ථානාධිපති තනතරු දෙබව පවසා මුදල් ගැරු පොලිස්පතිගේ ගෝලයා

පොලිස් ස්ථානවලට නව  ස්ථානාධිපතිවරුන් පත්කිරිමේදී එම තනතුරු ලබා දෙන බව පවසා මුදල් ලබා ගැනිමේ සිද්ධියක් මත එම නාම ලේඛණය ඉවත දමා ඇති බව වාර්තාවේ.

පොලිස් ස්ථාන 216 කට නව ස්ථානාධිපතිවරුන් පත් කිරිම සදහා සම්මුඛ පරික්ෂණ පවත්වා  එහි නාම ලේඛනය සකස් කිරිමේදි පොලිස්පති වරයාගේ නිල නොලත් පුද්ගලික සහකාර ලෙස කටයුතු කරන බංඩාර  නැමති පොලිස් පරික්ෂකවරයා සිය හිතවතුන්ට එම තනතුරු ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 5-10 දක්වා මුදල් ලබා ගෙන ලේඛණයට නම ඇතුළත් කර තිබෙි.

අවසානයේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුනු පැමිණිළි මත එම නාම ලේඛණය ගෙන්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය පිරික්ෂා බලා ඉවත දමා ඇති බව වාර්ථාවෙි.

සුදුසුකම් නොමැති හා වසර තුනකට වඩා වැඩි මෙන්ම සිය ගම්පියස පිහිටි ප්‍රදේශවල රාජකාර් කරනු ලබන ස්තානාධිපතිවරුන් වෙනුවට නව ස්තානාධිපතිවරුන් පත් කිරිම සදහා මෙම නාම ලේඛණය සකස් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *