වසන්ත යාපා සජබයට ආවට කිරිඇල්ලගෙන් විරෝධයක්

මහනුවර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු  සමගි ජන බල වේගයට හේත්තු වී සමගි ජන බල වෙිගයේ ජවය සංවිධානයේ ලිපි ශීර්ෂ යොදා වංචනික ලිපියක් සකස් කර එම ව්‍යාජ ලිපිය සමගිජන බලවේගයේ ප්‍රබලයන්ට යවා කපටි වැඩක් කර ඇති බව සමගි ජන බලවේගයේ  මන්ත්‍රී නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි.

මෙම මන්ත්‍රී වරයාට මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු ආසන සංවිධායක තනතුරක් නිල වශයෙන් සමගි ජන බල වේගයෙන් ලබාදී නැති බවද,දැනට මහනුවර දිස්ත්‍රික්කයේ ආසන  15 ටම සමගි ජන බලවේගයෙන් සංවිධායක වරු පත් කර ඇති බවද එම පක්ෂයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පක්ෂයට රිංගා පක්ෂයේ සමගියට බාධා කරන පක්ෂය තුල කඩාකප්පල් කාරී ක්‍රියා සිදු කරන පොහොට්ටුවෙන් පැන සමගි ජන බල වේගයට සම්බන්ධ වූවන්ට පක්ෂයේ ඉඩක් ලබානොදෙන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රී වරයා පැවසීය..

මෙලෙස පක්ෂයේ ජවය සංවිධානයේ ලිපි ශිර්ෂ ව්‍යාජව සකස් කර  නීතී විරෝධී ලිපි පක්ෂයේ ප්‍රබලයන්ට යවා ඇත්තේ කලක් පොහොට්ටුවේ සිටි  වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා බවද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රී වරයා පැවසීය. තම පක්ෂයට පොහොට්ටුවේ බංකොලොත්  දේශපාළනඥයෝ අවශ්‍ය නැති බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *