පොලිස්පතිවරයාගේ බලය ගෙන කාන්තා පොලිස් නිළධාරිණියන් තලා  පෙළන මාතලේ ලොක්කා

මාතලේ නව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා නිසා තම ජීවිත අපායක් වී ඇතැයි මාතලේ පොලිස් අධිකාරී කොට්ඨාශයේ ලොකු කුඩා පොලිස් නිලධාරීහු පවසති.

විශේෂයෙන්ම මෙම දුක් ගැනවිල්ල නැගෙන්නේ කාන්තා නිලධාරීන්ගෙනි.මෙම නිලධාරියා හලාවත ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස රාජකාරි කරමින් සිටියදී කාන්තා නිලධාරිණියෙකුට ලිංගික හිංසා කිරීම නිසා දඩුවම් ලැබූ අයෙකි.මේ නිසා කාන්තාවන් සමඟ කෝන්තරයක් ඇති කරගෙන සිටින ඔහු හැකි සෑම අවස්ථාවකම කාන්තා නිලධාරීන් අපහසුතාවට පත් කිරීමේ යෙදී සිටින බව කියැවේ.

මීට පෙර උදෑසන 6.45 ට ආරම්භ වූ පොලිස් අධි පැය රාජකාරි වෙලාව උදෑසන 6.15 ලෙස වෙනස් කර ඇත.ඔහුගේ මෙම තීරණයෙන් දැඩි ලෙසම පීඩාවට පත්ව සිටින්නේ තමන් බව කාන්තා නිලධාරීහු පෙන්වා දෙති.

උසාවි රාජකාරි සඳහා යන පොලිස් නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනාව කපා දැමීමටද ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබේ.දිනපතාම පාහේ ඔහුගේ පැය ගණන් දීර්ඝ දේශනා අසා සිටීමට සිදුවීම නිසා තමන්ගේ දෛනික රාජකාරි නිසියාකාරව ඉටු කිරීම පවා අතපසු වෙමින් තිබෙන බව පොලිස් ස්ථානාධිපතිවරු කියා සිටිති.

මෙලෙස පෞද්ගණන් දේශනා පැවැත්වීමේදී නිලධාරීන් එකිනෙකා කෙටවීම ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ විනෝදාංශයක් වී ඇතැයි කියැවේ.එසේම කනිෂ්ඨ නිලධාරීන් ඉදිරිපිට පවා තමන්ට  බැණ වැදීම නිසා දැන් තමන්ට කනිෂ්ඨ නිලධාරීන් පාලනය කිරීමද අපහසු වී ඇතැයි ජේෂ්ඨ නිලධාරීහු කියා සිටිති.

මානසික රෝගියෙකු ලෙස හැසිරෙන මෙම ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්දයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇතත් ඉන් පලක් වී නැත. පීඩාවට පත්ව සිටින පොලිස් නිලධාරීන් සැක කරන්නේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පොලිස්පතිවරයාගේ විශේෂ අනුග්‍රහයක් ලැබෙනු ඇති බවය.

ඊට හේතු වී තිබෙන්නේ කාන්තා හිංසන චෝදනා යටතේ දඩුවම් මාරුවීමක් ලැබූ තමන් මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්වීමක් ලැබූවේ වත්මන් පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් බවට මෙම නිලධාරියා වහසි බස් දොඩන නිසාවෙනි.මේ නිසා ඔහු ගේ ක්‍රියා කලාපය නිසා තමන්ට විඳින්නට සිදුව තිබෙන පීඩාවන්ට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් පොලිස් නිලධාරීන් ජනාධිපති වරයාගෙන්ද ඉල්ලීම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *