රුසියාවට කූලී සෙබළුන් යවා ලක්ෂ ගනන් මුදල් ගැරූ තෙල්දෙණියේ  සජබෙි ජාවාරම්කරු තවමත් නිදැල්ලේ

රුසියන් හමුදාවට මහනුවර ප්‍රදේශයෙන් යැවූ කුලී සෙබළුන් කීප දෙනෙකු එරට  යුධ බිම් වල අපාදුක් විඳින බව ඔවුන්ගේ ඥාතීන් හා බිරින්දන් පවසති.නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ විශ්‍රාමික නිලධාරින් කීප දෙනෙකු මෙලෙස රුසියාවට යවා ඇති පුද්ගලයා තෙල්දෙණිය පොලිස් වසමේපදිංචි අයෙකි.ඔහු සමගි ජන බලවේගයේ දේශපාළනඥයෙකු වන අර්ල් ගුංණසේකර  සමග වැඩ කරන බවට වාර්ථාවේ.

මොහු රුසියාවට යැවූ නාවික නිලධාරියාට ලක්ෂ 13 ක් වැටුප් ලැබෙන බවටපවසා ඔහුව එරටට යවා ඇත මේ වන විට එලෙස යැවූ සෙබළුන් වැටුප් කෑම බීම සහ නිසිපහසුකම් නොමැතිව යුධ බිමේ සිටින බවට ඔවුන්ගේ ඥාතීහු පවසති.

මෙම ජාවාරම් කරු සම්බන්ධයෙන් මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුබද්ධ විශේෂ විමර්ශණ අංශයට පැමිණිළි කර ඇතත් එම පැමිණිළි සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැති බව රුසියාවේ කූලී හමුදා සේවයට යවන ලද සෙබළුන්ගේ ඥාතීන් හා බිරින්දෑ රුන් ඇඬු කඳුළෙන් පවසති.

රුසියාවට කූලී සෙබළුන් යැවූ බව කියන පුද්ගලයා තැරැවිකරුවෙකු ලෙස කටයුතු කරන අතර,ඔහු සමග මෙම ජාවාරමට ⁣ ඉරාකයේ සිටින ශ්‍රී ලාංකිකයෙකුද සම්බන්ධ බවට  තොරතුරු අනාවරණය වී තිබෙි.

ධනුෂ්ක නැමති තැරැව්කරු මාර්ගයෙන් රුසියාවට ගිය කූලී සෙබළුන් තෙල්දෙණිය ,වේඬරුව ගම්මානයේ,මාතලේ සහ තෙල්දෙණිය නගරයේ පදිංචි විශ්‍රාමික  සෙබළුන් බවද,ඔවුන් රුසියාවට ගියදා සිට ඔවුනට දුරකතන ඇමතුමක් හෝ ලබාගැනීමට ඉඩදී නැතැයිද ඔවුන්ගේ මෙරට  වෙසෙන බිරින්දෑවරු සහ පවුලේ ඥාතීහු පැවසූහ.

මෙම තැරැව්කරු කලක් දිගන නගරයේ පොලී කරුවෙකු යටතේද සේවය කර ඇති අතර ඔහු ඉතා සූක්ෂමව දේශපාළනඥයන්ගේ නම් විකුණමින් රුසියාවට කූලී සෙබළුන් යවන මොහු සංවිධානාත්මක මිනිස් ජාවාරම් කරුවන් සමග එකතු වී සිටින බවටද , ඔහුට මුදල් දී තම සැමියන් රුසියාවට යැවූ පවුල්වල ඥාතීන් පවසති. තම සැමියන් රුසියාවෙන් මෙරටට ගෙන්වා ගැනීමට රජය වහා මැදිහත් වන ලෙසත් මෙම මිනිස් ජාවාරම මෙහෙයවන   මෙරට ගම් මට්ටමින් ඉතා රහසිගතව කටයුතු කරන වංචනික තැරැව්කරුවන් නීතීයේ රැහැනට කොටු කරගන්නා ලෙසත් රුසියානු යුංධ බිමේ අපා දුක් විඳින  ශ්‍රී ලංකාවේ සෙබළුන්ගේ ඥාතීන් හා බිරින්දෑ වරුන් ජනාධිපති වරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *