නීතිඥවරුන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක වන නිසා   සුරාබදු ලොක්කෝ බයයි .

රටෙි නිතියේ ආධිපත්‍ය හැසිරවිමට මග පෙන්වන නීතීඥයන් විසින් ප්‍රධාන නගරවල පවත්වා ගෙන යනු ලබන සමාජශාලාවල නිතී විරෝධිව සුරාබදු බලපත්‍ර උල්ලංඝණය කරමින් මත්පැන් අලෙවි කරණ බවට තොරතුරු වාර්ථාවෙි.

මෙම සමාජශාලාවලට පිටතින් රැගෙන එන මත්පැන් පාලනය කරන බව හගවමින්  පවත්වා ගෙන යන අතර එසේ නොකර තමන්ට රිසිසේ අවශ්‍ය හා විදේශිය මත්පැන් පානය කිරිමට අවස්ථාව තිබෙි.

එහෙත් ඒ සදහා අවශ්‍ය ලියාපදිංච්යක් හෝ ගෙවිය යුතු බදු ගෙවා අවසර පත්‍රයක් ලබා ගෙන නොමැත.

සිය බලය උපයෝගි කර ගනිමින් රටෙි නිතීය දන්නා එම නිතිඥයින්ද එය කඩ කරමින් සවසට මදුවිත තොල ගාන්නේ නිතියට වැලි ගසමිණි.

මේ ආකාරයට පසුගියදා එවැනි සමාජ ශාලාවක රුසියාවේ යුද්දයට කුලි හේවායන් ලෙස විශ්‍රාමිකයින් බදවා ගැනිමේ සම්මුඛ පරික්ෂණයක් පැවැත්වු අතර අවසානයේ පොලිසියට හා විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරින්ට බලපෑම් කර ආදාල පුද්ගලයින් ඉන් ඉවත් කිරිමට මෙම කුරුණෑගල සමාජශාලාවේ භාර කරුවන් ලෙස කටයුතු කරණ නීතීඥයන් කටයුතු කර ඇති බව වාර්ථාවේ.

මේසේ වසර 40 ක් පමණ කුරුණෑගල නගර මධ්‍යයේ රජ පීල්ල උද්‍යානය අසල පවත්වාගෙන යන සමාජ ශාලාව මත්ද්‍රව්‍ය බලපත්‍රයක් ලබා නොගෙන පවත්වාගෙන යන  වාර්ථාවෙි.

මෙම ස්ථානය කුරුණෑගල ප්‍රදේශයේ මැර කටයුතු වලට ප්‍රසිද්ධ කුමාර නමැති පුද්ගලයෙක්  කළමනාකරු වශයෙන් පත් කරගෙන ඇති නමුත් ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙක් සහ නීතිඥවරුන් පිරිසක් පාලනය ගෙනයයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *