යක්ෂ වෙස්ගත් තායිලන්ත තානාපතිනි කොලොන්නේගේ ගොදුරු බවට පත්  සේවකයන්ට රැකියාවත් එපාවෙලා

තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සේවය සඳහා පැමිණි  තායිලන්ත ජාතිකයන් විසිදෙනෙකු පමණ තානාපතිනි චමින්දා කොලොන්නේ ගේ හිරිහැර ඉවසා ගත නොහැකිව පසුගිය   මාස කිහිපය තුල සේවය හැර ගොස් තිබේ.

එසේම ශ්‍රීලංකාවේ සිට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සේවය සඳහා පැමිණි සේවක සේවිකාවන්ද චමින්දා කොලොන්නේගේ හිරිහැර නිසා සේවය අතහැර ගොස් ඇති අතර ගැබිණයන් ලෙස සිටි ඇතැම්  සේවිකාවන්ට ගබ්සා වීම් පවා සිදුවූ අතර ඇතැමුන් රජයේ සේවයෙන්ම ඉල්ලා අස්වී ගොස් තිබේ.

එසේ අස්වී ගිය සේවකයන් වෙනුවට ඇයගේ  සැමියා ගුවන්තොටුපල රාජකාරි හා වෙනත් රාජකාරි සඳහා යොදවා ඇත.  තායිලන්ත විදේශ අමාත්‍යංශයේ විශේෂ රාජ්‍ය තාන්ත්‍රික  ගුවන් තොටුපල අවසරපත් පවා තම සැමියාට ලබා දී ඇති තානාපතිනිය පසුව ඒවා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට හසුවීම නිසා දැඩි ප්‍රශ්න කිරීම් වලට හා තායිලන්ත රජයේ  දැඩි අවවාද කිරීම් වලටද ලක්ව ඇත.

චමින්දා කොලොන්නේ ගේ සැමියා විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවකයකු නොවන අතර චමින්දා කොලොන්නේ ගේ පළමු විදේශ දූත මණ්ඩල  රැකියාව වූ රුසියාවේ ශ්‍රීලංකා කාර්යාලයේදී ඇයට  මුණ ගැසී රුසියාවේ  එක්ව ජීවත්වී පසු කලෙක විවාහවූ අයෙකි. එවකට ඔහු රුසියානු තානාපති  කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරියා ලෙස කටයුතු කල අයෙකි.

තානාපතිනි චමින්දා කොලොන්නේ ගේ රියදුරා සිටියදී ඇගේ සැමියා විසින් පසුගිය කාලයේ තානාපති නිල රථය පුද්ගලික ගමනක් ගෙන ගොස් අනතුරට ලක් කර ඇති අතර  එම අලුත්වැඩියාව  සඳහා ඩොලර් දහනව දහසක් වැයවී ඇත.

එසේම සංග්‍රහ දීමනාව සඳහා හොර බිල් දමා මුදල් ලබා ගන්නා බවටද ඇයට චෝදනා එල්ලවී තිබේ.

තායිලන්තය  සමග ශ්‍රීලංකාව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කලද එහි කිසිදු වාසියක් ශ්‍රීලංකාවට මේ දක්වා ලබා ගැනීමට කටයුතු නොකළ අතර තායිලන්තයේ සිට ශ්‍රීලංකාවට සංචාරක සේවා වර්ධනයට හෝ වෙළඳ කටයුතු වර්ධනය කරන්නට කිසිවක් සිදු කර නොමැත.

මේ කටයුතු සඳහා ඇය ශ්‍රීලංකා සංචාරක මණ්ඩලයේ හෝ අපනයන සංවර්ධන මණ්ඩලයේ කිසිදු කටයුත්තකට ඇය දායකත්වය ලබාදී නොමැත. එසේම තායිලන්තය බෞද්ධ රටක් වන අතර ශ්‍රීලාංකිකයෝ පන්දහසක් පමණ එහි වාසය කරති.එසේ  වුවද මෙවර  අවුරුදු උත්සවය හා වෙසක් උත්සවය සඳහාද ඇය කිසිදු ආගමික හෝ සංස්කෘතික උත්සව තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කර නැත.එහෙත් වෙනත් තැන්  වල උත්සව සඳහා සහභාගිවී එය තම අනුග්‍රහයෙන් පැවැත්වුවා සේ හොර බිල් දමා සංග්‍රහ දීමනා වලින්  මුදල් ලබා ගෙන ඇත.

තානාපති කාර්යාලයේ උත්සව සඳහා එරට වෙසෙන ශ්‍රීලාංකික ව්‍යාපාරිකයන්ගෙන් ඇය  මුදල් එකතු කරන අතර ඒ සඳහා තානාපති කාර්යාලයේ කනිෂ්ඨ නිලධාරීන්ගෙන් පවා මුදල් එකතු කර ගනී.එහෙත් පසුව විශාල වශයෙන් හොර බිල්පත් දමා සංග්‍රහ  දීමනා වලින් ඒ සඳහා රජයේ මුදල් ලබා ගන්නා බව සඳහන්ය.

තානාපතිනි චමින්දා කොලොන්නේ   කිසිදු සේවකයෙකුට තවත් සේවකයෙක් සමග කතා කිරීම පවා තහනම් කර ඇති අතර

එවැන්නක් දුටුවහොත්   පරුෂ වචනයෙන් බැන වදිමින් නැවත ශ්‍රීලංකාවට හරවා යවන බවට තර්ජනය කරන අතර නිරන්තරයෙන් සිදුවන මෙම වධදීම් නිසා තානාපති කාර්යාලයේ සේවක සේවිකාවන්ට රාත්‍රියට නින්දක් පවා නොලැබෙන තරමට මානසික ආතතියන්ට ගොදුරුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *