ජනතාවගේ බදු මුදල් නිළධාරි සංග්‍රහය යටතේ බෙදු මහනුවර නාගරික කොමසාරිද්ට වැඩ වරදී

මහනුවර මහ නගර සභාවේ කොමසාරිස් වරයා අත්තනෝමතික ලෙසින් මධ්‍යම පලාත් පාලන කොමසාරිස් වරියගේ සැමියාට නගර සභා බදු මුදලින් ලක්ෂ පහලොවක(15) මුදලක් ගෙවීමෙි සිද්ධිය පිළිබඳව මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මහනුවර නගර සභාව රුපියල් කෝටි 26 ක් වැය කර නගරයේ ඉදිකල කරළිය නැමති(ඩී එස් සේනානායක පුස්තකාල ශ්‍රවණාගාර ගොඩනැගිල්ල) මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ ජනාධිපති වරයා සහභාගි වූ උත්සවයේ ප්‍රචාරක කටයුතු සඳහා අවිධිමත් ටෙන්ඩරය ඉදිරිපත් කල පලාත් පාලන කොමසාරිස් වරියගේ සැමියාට එම ටෙන්ඩරය ලබාදී ඔහුට පැය දෙකක් පමණ පැවති එම උත්සවයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නගර සභාවේ ජනතා බදු මුදලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ගෙවීමේ සිද්ධිය පිළිබඳව විගණන පරීක්ෂණ ආරම්භ වී තිබේ.
මෙලෙස විගණන පරීක්ෂණ පැවැත්වෙද්දී මහනුවර නාගරික කොමසාරිස් වරයා පලාත් ආණ්ඩුකාර වරයාට තමන්ට මාරුවක් අවැසි බව ඉල්ලීම්කර තිබේ.ආණ්ඩුකාරවරයා එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නාගරික කොමසාරිස් වරයා දඹුල්ල මහ නගර සභාවෙි නාගරික කොමසාරිස් ලෙස පත්කිරීම සඳහා කටයුතු යොදා ඇති බව ආණ්ඩුකාර කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ධූරය ලබාදෙන ලෙසට මහනුවර නාගරික කොමසාරිස් වරයා පලාත් ආණ්ඩුකාර වරයා වූ නීතීඥ ලලිත් යූ ගමගේ මහතා වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබේ.
මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධූරය එහි නියෝජ්‍ය කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය ට හිමිවීමටද නියමිතව ඇත.
වත්මන් මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජයතිලක මහතා මහනුවර මහ නගර සභවේ කොමසාරිස් ධූරය භාරගත් දා සිට නගරයේ සියලු පරිපාලන කටයුතු පවිත්‍රකිරීමේ කටයුතු හා නඩත්තු කටයුතු සියල්ල අකර්මණ්‍ය තත්ත්වයට පත්වූ බව නගර සභාවේ හිටපු නගරාධිපති වරු ,හිටපු නාගරික මන්ත්‍රීවරු රැසක් චෝදනා කළහ. මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස් ලෙස දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් වරයා පත්කිරීමටද නිමිතය බව වාර්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *