ආණ්ඩුකාර පුතා කටුනායක ගුවන් තොටට ගෙනා විසා කොන්ත්‍රාතුවෙන් කොමිස් මුදල් බෙදියන පස් දෙනා

විදේශකයින්ට ගුවන් තොටුපලේදී විසා ලබා දිමේ මෙතෙක් තිබු ක්‍රමය වෙනස් කර පුද්ගලික ආයතනයකට ලබා දිමේදී ඇති වු ආන්දෝළනයත් සමග එහි ගාස්තු යළි පැරණි ක්‍රමයට වෙනස් කළ බව පැවසුවද නව ගාස්තු ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්ථාවෙි.

මෙතෙක් කාලක් ටෙලිකොම් ආයතනය මගින් ඩොලර් එකක මිලකට ලබා දුන් තාක්ෂණික සහය සමග ආගමන විගමණ දෙපාර්තමෙින්තුව හරහා ඩොලර් 50ක මුදලකට මෙම විසා නිකුත් කිරිම සිදු කළ අතර පසුගිය මැයි 01 දින සිට එය සමාගමකට පැවරිනි.

කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ආණ්ඩුකරවරයෙකුගේ පුතෙකු විසින් මෙම කොන්ත්‍රාත්තුව රැගෙන විත් එය අනුමත කර ගැනිමට ඇමති වන්දනාවෙි ගොස් තිබෙි.

ආදාළ පුත්‍රයා සේවන විට රජයේ ආයතනයක සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන අතර එම ව්‍යපෘතිය අනුමත කර ගැනිමට ලබා දෙන අතරයට ගණුදෙනු හේතුවෙන් එය පමාවී තිබෙි.

පසුව ජනාධිපතිවරනයට මුදල් එකතු කරන ජනාධිපතිවරයාට සමිපතයෙකු ද මේ සදහා සමිබන්ධකර ගෙන යලිත් ව්‍යපෘතිය කඩිනමින් අවසන් කර මේතෙක් පැවැති විසා ගාස්තුවද ඩොලර් 50 සිට 101 දක්වා ඉහළ දමා තිබෙි.ඊට අමතරව මෙම ව්‍යපෘතිය කතියාත්මක කිරිමට වෙහෙසුන ඇමතිවරයෙක්, රජයේ ඉහළ නිළධාරින් දෙනෙකුටද මෙහි කොම්ස් මුදල් බෙදි යන බවට වාර්ථාවෙි.

ගුවන් තොටුපලට පැමිණෙන සංචාරකයින්ට තමන් කැමති භාෂාවකින් ආදාළ විසා ලබා ගැනිමෙිදි එම පහසුකම් යටතේ පහසුකම් සැපයිමට ටෙලිකොම් ආයතනයද සිය පහසුකම් සංවර්ධනය කර ඒ බව ආගමන විගමණ පාලකවරයාට ලිඛිතව දැණුම් දී තිබියදී විසා ලබා දිමෙි සේවය කිසිදු සුදුසුකමක් නොමැති ආයතනයකට ලබාදී තිබෙි.

ලොකයේ රටවල් සදහා විසා ලබාදිමට අවශ්‍ය ලිපිලේඛන එක්රැස්කර සපයන නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන වී එච් එෆ් නැමති ආයතනයට ආදාළ කොන්ත්‍රාත්තුව ලබා දෙන බව පවසා ඉන්දියාවෙි ව්‍යාපාරිකයෙක් වන කවිරාජ් බංධාරි නැමති අයට අයත් ඩුබායි හි පිහිටුවා ඇති අයි වී එස් හා ජී බී එස් යන සමාගම් දෙකට ලබාදී ඇත.‍

එහෙත් වී එච් එෆ් නැමති ආයතනය කිසිදු රටක විසා ලබාදිමේ කාර්යට සමිබන්ධ නොවන අතර මෙම සමාගමිද කර ඇත්තේ එම ආයතනයෙන් අවශ්‍යය තාක්ෂණය ලබා ගැනිම පමණි.‍

බංධාරිගේ ආදාල සමාගම කිසිදු දිනක මෙවැනි විසා සමිබන්ධ කටයුතු කර නොමැති අතර මෙහි භායානකම කරුණ වන්නේ පුද්ගලයින්ගේ තොරතුරු වෙනත් පාර්ශවයකට පත්විමයි.

මේම ව්‍යපෘතියට නැගුනු මහජන විරෝධය හමුවෙි ආන්ඩුව පාර්ශවයෙන් සදහන් කලේ රජයේ මුදල් කිසිදු ශතයක් මේසදහා වැය නොවන බවත් වැඩිකළ මුදල් විදේශකයින්ගෙන් අය කර ගන්නා බවත්ය.එහෙත් මෙි සදම්බන්ධයෙන් රටේ නිතී හදන තැනේ මන්ත්‍රිවරුන්වත් ඒ සම්බන්දයේන අධ්‍යයනයක් නොකර මෙහි ඇති භායනක තත්වය සමිබන්ධයෙන් හඩ නොගැම කනගාටුවට කරුනකි.

ඉහත සදහන් කල ආකාරයට මෙහි තොරතුරු පිටස්තර පාර්ශවයකට අතරට පත්විම හා මෙතෙක් ටෙලිකොම් ආයතනයට ලැබුනු එක් විසාවක් සදහාවු ඩොලර් එකක මුදල අහිමිවිම ගැනවත් දැනුවත් නොවිම පුදුමය දනවන කරුණකි.

ඊට අමතරව ඉහත කරුනු සමිබන්ධයෙන් දැනුවත් කමක් නොමැති රටකරවන වාහෙලාගෙන් වැඩිකළ නව ගාස්තුව යටතේ ඩොලර් 7.5 මුදල පාර්ශව පහකට බෙදි යාම ගැන නොදනිම පුදුම විය යුතු නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *