ඩයනාට පොදු දේපළ පනත වලංගු නැත

දැන හො දැන දැනම වංචනිකව සිදු කරමින් රජයට පාඩුවක් සිදු කරනු ලබන ඕනෑම අයෙකුට පොදු දෙපල පනත යටතේ දඩුවම් පැමණිය යුතු වුවත් පසුගියදා මන්ත්‍රිධුරය අහිමිවු ඩයනා ගමගේට එම නිතිය ක්‍රියාත්මක නොවිම ලංකාවෙි නිතිය ඇති දෙයාකරයෙන් ත්‍රියාත්මක වන බවට හොදම නිදසුනක් බව ජනතාව පවසයි.
පුරවැසිභාව සමිබන්ධයෙන් වංචනිකව තොරතුරු ලබාදී මන්ත්‍රිධුරයත්, රාජ්‍ය ඇමතිවරියක් ලෙස බදු ගෙවන ජනතාවගේ මුදලින් වසර හතරක් මාසිකව ලක්ෂ ගණනක් වියදම් කරමින් කටයතු කිරිම නිසා ඇයට එරෙහිව පොදු දේපල පණත යටතේ නිතිය ක්‍රියාත්මක කළ යුතුය.
1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පනතේ 5 (1) වගන්තිය ප්‍රකාරව යම් චංචල පොදු දේපලක් වංක ලෙස ව්‍යාපහරණය කරන්නා වූ හෝ තම ප්‍රයෝජනයට ගන්නාවූ හෝ නැතහොත් යම් චංචල පොදු දේපලක් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩකිරීමේ වරද සිදු කරන්නා වූ කවර හෝ තැනැත්තෙකු වරදකට වරදකරු විය යුතු අතර වරදකරු කරනු ලැබූ විට අවුරුදු එකකට නොඅඩු එහෙත් අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා යන දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගතගාරගත කිරීමකින්ද රුපියල් දහසක් හෝ ඒ වරද සිදු කරන ලද්දේ යම් දේපලක් සම්බන්ධයෙන්ද ඒ දේපළෙහි වටිනාකම මෙන් තුන් ගුණයක් හෝ යන මේ දෙකින් වැඩි මුදල දඩයකින් ඔහුට දඬුවම් කරනු ලැබිය යුතුය.
එසේම,5(2)-පොදු දේපල වලට අදාළව වංචා කිරීමේවරද සිදු කරන කවර හෝ තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර වරදකරු කරනු ලැබූ විට අවුරුදු එකකට නොඅඩු එහෙත් අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක්කාකාරයක බන්ධනාගාරගත කිරීමකින්ද සිදු කරන ලද්දේ යම් මුදලක් සම්බන්ධ සම්බන්ධයෙන්ද ඒ මුදල මෙන් තුන් ගුණයක් හෝ යන මේ දඬුවම් කරනු ලැබිය යුතු
අපගේ අධිකරණය තුළ මුල්බැසගෙන ඇති අධිකරණ පූර්ව නිදර්ශ න්‍යායට අනුව ගත්කල ගීතා කුමාරතුංග නඩුව සහ ඉහත කී ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් මත පිහිටා වරදකරු කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *