උත්තර ලංකා සභාවෙි කොටසක් රනිල් ළගට

ජාතික නිදහස් පෙරමුණේ හා තවත් පක්ෂ කිහිපයකින් පිහිටුවා ගෙන ඇති උත්තතර ලංකා සභාවෙි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ඉදිරි ජනාධිපතිවරනයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැත් ශක්තිමත් කිරිමට තිරණය කර ඇති බව වාර්ථාවෙි.

එඅනුව ඊට අදාළ සාකච්චාවක් පසුගියදා ජනාධිපතිවරයා සමග එම මන්ත්‍රිවරුන් පවත්වා ඇති බව වාර්තාවෙි.

එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලබන ජුලි මාසයෙන් පසුව සිය සහයට පැමිණෙන ලෙසට දන්වන තෙක් විපක්ෂයට වී සිටින ලෙසයි.

ඊට සහභාගිවු උත්තර ලංකා සභාගය නියෝජනය කරනු ලබන මධ්‍යම පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පැවසුවේ මේසේ ජනාධිපතිවරයාට සහය පළ කරන මන්ත්‍රිවරුන්ගෙන් වැඩිබිරිසක් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *