කාන්තාවන් රවටා මුදල් ගැරූ ගගවට කෝරළයේ ප්‍රාදේශීය සභාවෙි ලේකම්ට මහනුවර පොලිසියේ අනුග්‍රහය

මහනුවර සහ තලාතුඔය යන ප්‍රදේශවල  කාන්තාවන්  රැසක් රවටා  රුපියල් ලක්ෂ ගණනින්  මුදල්  ලබාගෙන එම මුදල් නොගෙවා කට්ටි පැන  සිටින පලාත් පාලන ආයතනයක හිටපු ලේකම්වරයෙකු  සම්බන්ධව මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිළි රැසක් ලැබීමෙන් පසු ඔහු පොලිසිය මගහැර සිටින බව  මුදල් දී ඔහුගේ වංචාවට හසූවූ කතුන් පැවසූහ.

මෙම පුද්ගලයා  පිළිබඳව ලැබුණු මුල්‍ය වංචා  පැමිණිළි නිසාම  ඔහු සම්බන්ධව පරීක්ෂණ පවත්වන තෙක් ඔහුව  ඟඟවට කෝරළේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට  කටයුතු යෙදූ මධ්‍යම පලාත් පාලන කොමසාරිස් වරිය වන චමිලා අතපත්තු මහත්මිය ඔහුව පලාත් සභාව යටතේ  ඇති පුස්තකාල මණ්ඩලයට මාරු කර තිබේ.

මොහුගේ  මුදල් වංචාවන් සම්බන්ධයෙන්  පොලීසිය පරීක්ෂණ ආරම්භ කරද්දී   ඔහු  ඩුබායි රටට පැන යාමට සැලසුම්කර ඇතැයි   ඔහුගේ වංචාවන්ට ලක්වූවෝ පවසති.

මෙම වංචනික  පුද්ගලයා  වංචාකර ඇති මුදල්  ප්‍රමාණය  ලක්ෂ    100  දක්වා  ඉහළ ගොස් ඇති අතර,මොහුගේ පැමිණිළි සාමාන්‍ය මුදල් ආරවුල් බවට  සළකා පරීකෂණ කරන්නැයි මහනුවර පොලිසීයේ තරු තුනේ  ඉහළ නිලයක් දරන නිලධාරියෙක් තමන් යටතේ සිටින නිලධාරින්ට උපදෙස් දී ඇතැයි පොලිස් මූලස්ථානයේ  ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිලධාරියා  සිදුකල මුල්‍ය වංචාවන් පිළිබඳ මහනුවර පොලිසියට  පැමිණිළි කර මසකටත් වඩා කාලයක් ගතවී ඇතත් මහනුවර පොලීසිය ඔහුට එරහිව නීතීය ක්‍රියාත්මක කිරීම පමා කරන්නේ පොලිසියේ ඇතැම් නිලධාරින්ටද මෙම පුද්ගලයාගෙන් අත යට සන්තෝෂම් ලැබී ඇති නිසා බව   පැමිණිළිකරුවන් පවසයි.

මෙම පුද්ගලයාව ආරක්ෂා කිරීමට මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍ය වරයෙකු සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.  මෙම  නිලධාරියා රාජ්‍ය පරිපාලන සේවා විභාගය හෝ සමත් නැති විශ්ව විද්‍යාලයක උපාධියක් නැති අයෙකු බවත්, ඔහු අ.පො.ස. උසස් පෙළ විශයන් තුනක් සමත් අයෙකු බවත්,ඔහුගේ රාජකාරී සම්බන්ධයෙන් පලාත් සභාවේ ඉහළම නිලධාරියෙකුට පැමිණිළි රැසක් ලැබී තිබියදී පොහොට්ටුවේ ඇමති වරයෙකුගේ සහ මධ්‍යම පලතේ ආණ්ඩුකාර වරයාගේ බලපෑම් මත මොහුට ඟඟවට කෝරළේ ප්‍රාදේශීය  සභාවේ ලේකම් ධූරය ලබාදී ඇති බවත්  ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුද්ගලයාට එරෙහිව ඟඟවට කෝරළේ ප්‍රාදේංශීය සභාවේ හිටපු සභාපති, එජාප කලාප සභාපති සිසිර රණසිංහ මහතා ඔහු⁣ගේ අත්සනින් යුතුව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට  ලිඛිතව පැමිණිළි කර තිබේ.කරුණු එසේ තිබියදී මොහු එක්සත් ජාතික පක්ෂයේ හේවාහැට ආසන සංව්ධායක ධූරය ඉල්ලා සිරිකොත පක්ෂ කාර්යාලයට ඉල්ලුම් පත් ඉදිරිපත් කර සම්මුඛ පරීක්ෂණයටද ඉදිරිපත්වූ බව මහනුවර එජාප  සංවිධායකවරු   පවසති.

මොහු විසින්  කාන්තාවන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇත්තේ  මුදල් වැඩිපුර ලබාදෙන පොරොන්දුව මත බව මොහුට මුදල් දුන් කාන්තාවන් පැවසූහ. මෙිසේ මුදල් ලබාදුන් අයට මහනුවර  පොලිසියේ නිලධාරින් කීපදෙනෙක් ද මොහුගේ බලපෑම් මත,මොහුට එරෙහිව මුදල් වංචා පිළිබඳව පැමිණිළිඉවත් කර ගන්නා ලෙසට  දුරකතනයෙන් කතා කරබලපෑම් කරමින් සිටින බව එම කාන්තාවන් කීප දෙනෙකු පැවසූහ.

මෙම නිලධාරියා  කිසියම් ව්‍යාජ  පිරමීඩ මුදල් ගනුදෙනු සමාගමක් හා සම්බන්ධ වී මෙම මුදල් ලබාගැනීම් සිදුකර ඇතැයි  මහනුවර පොලීසිය සැකකරයි.මොහු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ උසස් නිලධාරින් නියෝග කර තිබියදී ඔහු නගරයේ සැරිසරමින් නිදැල්ලේ ඉන්නේ කෙසේදැයි  මොහුට මුදල් ලබාදී අසරණව සිටින බොහෝදෙනා පොලීසියෙන් විමසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *