CPSTL සමාගමේ තෙල් ටැංකි ඉදිකිරීම අතරමග නැවැත්විමට හවුල් ලොක්කා අලුත්වටයකින් වැඩ අරභයි

 ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගම හෙවත් CPSTL සමාගම 2020 වසරේ තෙල් ටැංකි දෙකක් කොන්ත්‍රාත්තුව ලබා ගත් ආයතනය එහි ඉදිකිරිම් කටයුතු අතරමග නවතා දැමු පසු එම ව්‍යපෘතිය භාවෙ කටයතු කළ ව්‍යපෘති කලමනාකරු  වයස සම්පුර්ණවී විශ්‍රාම යාමට ආසන්නව තිබියදී එහි වැඩ යළීත් ආම්භ කිරිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

 රුපියල් ලක්ෂ පන්සියයවක් වැය කරමින් ඉදිකිරිමට යොජිත අදාළ ටැංකි දෙකේ ඉදිකිරීම සඳහා  indo east සහ ජේ කේ මුඛාර්ජි  සමාගම් දෙකට අවස්ථාව ලබා දී තිබිණි.

indo east සමාගම තමන් ලබාගත් ටැංකි ඉදිකිරීමේ කටයුතු කාර්යක්ෂම සහ නියමිත ක්‍රමවේදයට අනුව සිදු කළත් ජේ කේ මුඛාර්ජි සමාගම  ඉදිකිරීම් කටයුතු ඔවුන් විසින් ගෝපාල් නැමැති වෙනත් සමාගමකට ලබාදෙමින් මෙම සමාගම් අතර ඇතිවූ ඇතිවූ මූල්‍ය ගැටලුවක්  හේතුවෙන් ජේ. කේ මුකර්ජි සමාගම ලබාගත් ටැංකි ඉදිකිරීමේ කටයුතු අතරමග නවතා දැමීමට කටයතු කළේය.

 මෙම ටැංකි ඉදිකිරීමට අදාළව ජේ කේ මුඛර්ජී සමාගම ආයතනයේම මෙම  ටැංකි ඉදිකිරීම බාරව සිටි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙකුගේ අනුදැනුම සහ ඉංජිනේරු නිරීක්ෂණ වාර්තාවන්ට අනුව අදාල ඉදිකිරීම් නිසියාකාරව සිදු නොකර මූලික අදියරේ ගෙවීම් වලට අදාලව විශාල මුදල් ප්‍රමාණයක් මෙම මුකර්ජී සමාගම විසින් ලබාගෙන ඇත.

කෙසේ වෙතත් මෙම මුඛර්ජි සමාගම විසින් අදාළ ටැංකි ඉදිකිරීම සඳහා යොදාගත් භූමිය නිවැරදිව නිරීක්‍ෂණය කිරීමේදී ඔවුන් විසින් කිසිදු කටයුත්තක් සිදු නොකර ඇති බව පැහැදිලිව ගම්ය වන බව මෙම වෘත්තීය සමිති නායකයන් අප වෙත පවසා සිටියේය.

 එවන් පසුබිමක මෙම ආයතනයේ ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත ඉංජිනේරු භාර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයකු ගේ හදිසි වුවමනාව මත නැවත වරක්  ටෙන්ඩර්  කඳවා ඇති බව ඔවුන් අප වෙත පවසා සිටියේය.

විශ්‍රාම යාමට වසරක් පමණ තිබියදී මෙම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සේවා දිගුවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සහ වෙනත් අදෘශ්‍යමාන මූල්‍ය කටයුත්තක් සිදු කිරීමේ චේතනාවෙන් නැවත වරක් මෙම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට මුල පුරමින් සිටින බවත් මැතිවරණ සමයක් තව මාස කීපයකින් එළැඹීමට තිබියදී මෙවැනි ටැංකි ඉදිකිරීමක් ආරම්භ කිරීමට කටයුතු කරන්නේ  ඉංජිනේරුවරුන් සහ වෙනත් සේවකයන් කිහිප දෙනෙකුට අමතර දීමනාවක් ලබා ගැනි⁣⁣මෙ අපේක්ෂිත උවමනාව මත බව වාර්ථාවෙි.

එවන් පසුබිමක නැවත වරක් විශ්‍රාම යාමට නියමිත නිලධාරියෙකුගේ උවමනාව මත වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ  පවතින අනාවබෝධ පරිපාලන තීන්දු මත මෙම ආයතනයේ  සමහර උසස් නිලධාරීන් අයුතු සහගත වංචනික ක්‍රියාවන්වලට අර අදිමින් සිටින බව තෙල් සංස්ථාවේ තවත් විධායක ශ්‍රේණියේ වෘත්තිය සමිති නිලධාරියකු අප වෙත පවසා සිටියේය.

කලින් අවස්ථාවේ  යම් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකරමින් ආයතනයේ මුදල් අවභාවිතා වන අයුරින් නාස්තියක් සිදුකර ඇති නිලධාරීන් කණ්ඩායමක්ම යොදවා මෙම ටැංකි ඉදිකිරීමේ සහ නළ එළිමේ  ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරන්නේ ඉහළ ස්ථරයක  උවමනාවකට බවද පැහැදිලිව පෙන්නුම් කර දිය හැකි බවද එම වෘත්තිය නිලධාරියා අප වෙත සදහන් කළේය.

මෙම සිදුවිම සම්බන්ධයෙන් වෘත්තිය සමිත් අල්ලස් හෝ දුෂණ කොම්ෂන් සභාවටද පැමිණිකර ඇති පසු බිමක යළිත්  මෙවැනි ක්‍රියාවකට යොමුවිමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *