විමලුත් ජනාධිපතිවරණයට- පක්ෂයේ මන්ත්‍රිවරු හයක් ස්වාධින වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ උද්ච්ච හැසිරිම හමුවේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිවි දෙනෙකු පක්ෂයෙන් ස්වාධින විමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

ජාතික නිදහස් පෙරමුණට මන්ත්‍රිධුර හයක් අති අතර ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන නිමල් පියතිස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ ගාමිණි වලේබොඩ , රිය අනතුරකින් මියගිය රාජ්‍ය ඇමති සනත් නිෂාන්තගේන් පුරප්පාඩුවු පුත්තගමේ දිස්ත්‍රික්යෙන් පත්වු ජගත් ප්‍රියංකර හා ජාතික ලැයිස්තුවෙන් පත්වු මොහොමඩ් මුසාමිල් යන අය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධින විමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

පසුගියදා පැවති ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේදී බහුතර මන්ත්‍රිවරුන් පවසා ඇත්තේ දිනන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබා දිය යුතු බවයි. එහිදී පක්ෂයේ නායක විමල් විරවංශ මහතා පවසා ඇත්තේ තමන් සංධානයක් ගොඩනගා ජානාධිපතිවරණයට ඉදිරිපත්වන බවයි.

මෙම තත්වය මත පක්ෂයට ඉතිරිවන්නේ නායක විමල් හා නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර පමණක් බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *