කුමාර ධර්මසේන අත්අඩංගුවට

අවසර නොමැතිව ආයෝජන යැයි කියමින් වගා ව්‍යාපෘති සඳහා ජනතා මුදල් ලබාගත් බව කියන හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ වන වගා ව්‍යාපෘති සඳහා යැයි කියමින් අවසර නොමැතිව ජනතා මුදල් එක්රැස් කරන බවට මහ බැංකුවට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳ සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීන්දු කර ඇති නිසාය.

ධර්මසේන විසින් පිංතැන්න නමින් වගා ව්‍යාපෘතියක් සිදුකරමින් සිටින අතර ඔහු ඒ සඳහා ජනතා මුදල් අවසරයකින් තොරව තැන්පතු ලෙස ලබාගනිමින් අදාළ ව්‍යාපෘතියට ආයෝජනය කර තිබේ.

මීට පෙර සක්විති රණසිංහ හා තිළිණි ප්‍රියමාලි යන දෙදෙනාට ද එල්ලව තිබුණේ මේ හා සමානම චෝදනාය.

කෙසේවුද, මහ බැංකුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමඟ ධර්මසේන විසින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් අදාළ ව්‍යාපෘතිය නීත්‍යානුකූල බව‍ කියමින් මහ බැංකුවට අභියෝග කර ඇති බවටද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

එසේම එම වීඩියෝව ප්‍රචාරය කිරීමට වැඩිම සහය ලැබී ඇත්තේ ධර්මසේනගේ මිතුරෙකු වන නාමල් රාජපක්ෂගේ මාධ්‍ය සහයකයන්ගෙන් බවද පැවසේ.

කෙසේවවුද, මේ කාරණ මෙලෙස සිදුවෙද්දී කුමාර ධර්මසේන වල්ලපට්ට යොදාගනිමින් සුවඳවිලවුන් නිශ්පාදනය කිරීමට අලුතින් ඉදිකරණ ලද කර්මාන්ත ශාලාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සූදානම් වන බවද ජනපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *