බහිරවයාගේ භූමිකාවට පන පොවන මධ්‍යම පලාත් පරිවාස කොමසාරිස්වරිය

මධ්‍යම පලාත් පරිවාස කොමසාරිස් වරිය රජය සතු වාහන  අටක්  තම පුද්ගලික පරිහරණයට යොදා ගන්නා බවත්,ඇය වැඩිහිටි නිවාසවල පිහිටි ගෙවතු වගාවන්   සියල්ලේ පලදාව (පොල්,කෙසෙල්))  සිය නිවසට රැගෙන යන බවත් එම කාර්යාලයේ බොහෝ නිලධාරින් සහ සේවකයන් පවසයි.

විවිධ විදේශීය ආධාර මත ලැබෙන භාණ්ඩද සිය නිවසට රැගෙන යන මෙම නිලධාරිය සමග වැඩ කිරීමට අකමැති නිලධාරින් සහ නිලධාරිනියන්  කීප දෙනෙක්  සේවයෙන් විශ්‍රාම  ගොස් තිබේ,ආයතනයේ ඇතැම් රියදුරන්ට  කැමති පරිදි ඉන්ධන  භාවිතා කිරීමටත් අසීමිත ලෙස අතීකාල දීමනා ලබාගැනීමටත් ඉඩ දී තිබෙන මෙම නිලධාරිනිය,ඒවාට පූර්ණ සයාය ලබාදෙන බවද   ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිලධාරිනිය  වසර හතකට වඩා කාලයක් ධූරයේ රැඳී සිටින බවද,මැය ආණ්ඩුකාරවරයා සහ අනෙකුත් පලාත් සභාවේ ඉහළ නිලධාරින්වද නොමග යවා තමන්ගේ සූක්ෂම  ගසා කෑම් කරගෙන යන බවද මධ්‍යම පලාත් පරිවාස කොමසාරිස්  කාර්යාලයේ  සේවකයෝ  පවසති.

සුපිරි නිවසක්ද   මෑතකදී මිළදීගෙන ඇති මෙම නිලධාරිනිය එම නිවස තම නෑදෑයෙකු නමින්  මිළදී ගෙන තිබේ.ළමා නිවාසවල අසරණ ළදරුවන් හා දරුවන් රෝහල් කරා ගෙන යාමට,එම දරුවන්ගේ සුබසාධන කටයුතු සොයා බැලීමට ලබාදී ඇති වාහන සිය පුද්ගලික පරිහරණයට යොදාගෙන ඇති මෙම නිලධාරිනියගේ  වැඩ කටයුතු සොයා බැලීමට පලාත් ආ්ණ්ඩුකාර වරයාද පියවර නොගන්නා බව පලාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා නිවාස සහ වැඩිහිටි නිවාස වල සේවකයන් සදහන් කරයි.

කාර්යාලයේ කම්කරු සේවකයන්  තම නිවසේ,ගෙවත්තේ පුද්ගලික  වැඩවලට යොදවාගෙන  තිබෙන මෙම නිලධාරිනිය  පසුගියදා  පලාතේ ළමා නිවාස නිරීක්ෂණය කිරීමට විනිශ්චයකාරවරුන් 42  ක්  පැමිණි  අවස්ථාවන් මාධ්‍යයෙන් වසන් කිරීමටද මෙම නිලධාරිනිය සූක්ෂමව කටයුතු කර ඇත.

පසුගිය මාර්තු මස 2 වන දින සිය පුතු සහභාගි වූ මැරතන් ධාවන තරඟයේදී පිටුපසින් පරිවර රියක් ලෙස  ධාවනයට යොදවාගෙන ඇත්තේ ළමා නිවාස වල දරුවන්  රෝහල් කරා රැගෙන යාමට වෙන් කර තිබෙන ත්‍රිරෝද රථය බවත් එහි රියදුරු  රජයේ වියදමින් ඉන්ධන  මිළදීගෙන මෙම ත්‍රිරෝද රියට භාවිතා කර තිබේ.ආතනයේ  රාජකාරියට  වඩා සිය පුද්ගලික කටයුතු වලට රජයේ ඉන්ධන වැයකර  භවිතා  ක⁣රන  ආයතනයේ  රථ වාහන යොදා ගන්නා මෙම නිලධාරිනියගේ දූෂිත ක්‍රියා සියල්ල යට ගැසීමට එම ආයතනයේ ඇතැම් සේවකයන් කටයුතු කරන බව මධ්‍යම පලාත් පරිවාස කොමසාරිස්  දෙපාර්තමේන්තුවේ  නිලධාරින්  පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *