ලොක්කන්ගේ හොර ගුවාහක් බදු මහනුවර දුම්රිය ස්ථානය

මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය තුල සිදුවන දූෂණ අකටයුතුකමි සොයා බැලිමට දුම්රිය දෙපාර්තමේන්තුවේ විමර්ශණ අංශයක් නැද්දැයි මහනුවර දුම්රිය ස්ථානයේ සේවකයන් සහ දිනපතා දුම්රියෙන් ගමන් ගන්නා මගීහු ප්‍රශ්ණ කරති.

මෙම දුම්රිය ස්ථානයේ ඉහළම නිලයක් දරන්නා  සතුව පුද්ගලික මෝටර් රථ හතරකි.මෑතකදී ලකෂ  80  ක ඉඩමක් මිළදී ගෙන ඇත  මොහුගේ නිල නිවස වටා ටකරන් තහඩු වට කර සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව සේවකයෝ පවසති.කොළඹ  නුවර,නගරාන්තර හෝ වායූ සමනය කල මැදිරි සහිත දුම්රියේ ටිකට් පත් සැමදාම අවසන්ය.සංචාරකයන්ට ඇල්ල බදුල්ල ටිකට්පත් සොයාගත නොහැක.  එහෙත් වැඩි මිළට ටිකටි පත් විකිණෙයි.දුම්රිය දෙපාර්තමේන්තුමේන්තුවෙි සේවකයන්ට හෝ නිලධාරින්ට ටිකට්එකක් සොයාගත නොහැකි බව ඔවුන් පවසයි.දුම්රිය ස්ථානය  ඉදිරිපිට භුමියේ  රථවාහන ගාල් කරද්දී හිතූ හිතූ මිළ අයකරයි.එම මුදල් දුම්රිය දෙපාර්තමේන්තු ගිණුමට නොවැටී හොර පාරෙන් ඉහළ නිලධාරියාන්ගේ ලොතැට්ටුවට වැටයන  බව වාර්තාවෙි.

දුම්රියේ මුදල් ගෙවා ටිකටි ලබාගෙන ගමන් ගන්නා මගියෙකු ගේ වාහනයක් දුම්රිය ස්ථානය සතු භූමියේ උදේ පාන්දර  නවතා තබා සවස ඉවත් කර ගන්නා විට රුපියල් 500 ක ට ආසන්න මුදලක් ගෙවිය යුතුබව මගීන් පවසති. මෙම දුම්රිය ස්ථානයේ සිදුවන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් කාට කියන්නදැයි සේවකයන් සහ මගීන් දුම්රිය බලධාරින්ගෙන් ප්‍රශ්ණ කරයි. නගරාන්තර  දුම්රියේ ටිකටිපත්ද,බදුල්ල,දෙමෝදර,ඇල්ල දක්වා යන දෙස් විදෙස් සංචාරකයන්ද ටිකටිපත්  ලබාගත නොහැකිව දුම්රිය ස්ථානයේ ලතවෙමින්  සිටිති  පවතිනතත්ත්වය  යටතේ මහනුවර  දුම්රිය  ස්ථානයේ සිදුවන අකටයුතුකම්  සහ දූෂණ පිළිබඳව දුම්රිය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා    මීට වඩා දැඩි අවධානයක් යොමු කර දූෂණ නිලධාරින්   මාරුකර දුමිය යුතු බව දුම්රිය මගීහු  සහ දුම්රිය සේවකයෝ ඉල්ලීමක් කරති..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *