සුදුසුකම් ලැබුවන් කපා දමා   ‘සර්ප්‍රයිස් කර පත්විම ස්ථිර කිරිමේ ලිපිය දුන් පළාතේ පළමු පුරවැසියා

පළාත් අධ්‍යාපන ලොක්කියකගේ   උපන්දිනයදා  සර්ප්‍රයිස්’  කිරිමට දක්ෂතා පරීක්ෂා කර වැඩබලන පත්වීම ස්ථීර කර දුන් පළාතේ පළමු පුරවැසියාගේ කෙරුවාව එම ප්‍රවෘත්තිය ප්‍රචාරය විමත් සමග අප වෙත් තවත් තොරතුරු රැසක් ලැබිණි.

තමන්ගේ නිල නිවසට අමතරව නගරධිපති නිල නිවසක්ද අයත් කරගෙන සිටින අතීත රජ දවස මාපාවරයෙකු බඳු පළාත් පළමු පුරවැසියෙකු පසු ගිය මාර්තු 25 දින නගරාධිපති නිල නිවසේ ගේට්ටු දොරවල් වසාගෙන  පළාත් අධ්‍යාපන ලොක්කියකගේ දක්ෂතා පරීක්ෂා කිරීමෙන් පසු ඇයගේ වැඩබලන පත්වීම ස්ථීර කර ඇතැයි කියන රසබර පුවතක් එමගින් හෙළි කළේය.

මාර්තු 25 දින මේ කියන අධ්‍යාපන ලොක්කියගේ උපන් දිනයයි.පළාතේ පළමු පුරවැසියා එදින ඇයව නගරාධිපති නිල නිවසට කැඳවා තිබේ.

අධ්‍යාපන ලොක්කිය පැමිණි පසු ආරක්ෂක නිලධාරීන් නගරාධිපති නිල නිවසේ දොර පමණක් නොව ගේට්ටුවද වසා  පළාත් පළමු පුරවැසියා අධ්‍යාපන ලොක්කියට ‘සර්ප්‍රයිස් ‘ උපන් දින පාටියක් පවත්වා තිබේ.

එහිදී උපන් දින කේක් කැපුවේද ,ඉටිපන්දම් පත්තු වූයේද නම් දැන ගන්නට නැත.එහෙත් මේ පාටියෙන් පසු අධ්‍යාපන ලොක්කියගේ වැඩ බලන පත් වීම ස්‌ථීර කර දී ඇත.

එය මාස කිහිපයක සැලසුමක් අනුව සිදු කර ඇති අතර සුදුස්සන් තොරා ගැනිම සදහා  පැවති තරග විභාගයෙන් අඩුම ලකුනු ලබා ගෙන ඇත්තේද මෙම මායම් කාරිය බව වාර්තාවෙි.

පළමු සම්මුඛ පරික්ෂණයට හත් දෙනෙක් ඉදිරිපත් වී ඇති අතර එහි වැඩිම ලකුණ ලබා ඇත්තේ මහගල් පර්වතයකින්යටවී ඇති නගරයේ ඇති ජනප්‍රියම කාන්තා පාසලේ විදුහල්පතිනිය බව සදහන්වේ.

කෙසේ වෙතත් පුස්තකාලයකභාරව සිටි මෙම සුන්දරියට ප්‍රමානවත් ලකුණු නොමැතිවීම නිසා ආදාළ සම්මුඛ පරික්ෂනයේ නිර්ණායකයන් වෙනස් කිරිමට මෙම පළාතේ පළමු පුරවැසියා කටයුතු කර යළිත් සම්මුඛ පිරික්ෂණයක් පැවැත්විය.

එහෙත් ඊට වැඩිම ලකුණු ලබා ගත් දෙනෙකු සහභාගි නොවුයේ එහි ඇති අවිශ්වාශය නිසාවෙනි.ආදාළ සුන්දරිට තනතුර ලබාදිමේ අරමුනින්ම එම සම්මුඛ පරික්ණය පවත්වා අවසානයේට පත්විම ලබා ගැනිමට අදාළ නිළ නිවසට තනියමම කැදවා  ‘සර්ප්‍රයිස් කර පත්විම ස්ථිර කිරිමට පළමු පිරවැසියා කටයුතු කර ඇති  බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *