පළාත් අධ්‍යාපන ලොක්කියකගේ   උපන්දිනයදා  සර්ප්‍රයිස්’  කිරිමට දක්ෂතා පරීක්ෂා කර වැඩබලන පත්වීම ස්ථීර කර දුන් පළාතේ පළමු පුරවැසියා

තමන්ගේ නිල නිවසට අමතරව නගරධිපති නිල නිවසක්ද අයත් කරගෙන සිටින අතීත රජ දවස මාපාවරයෙකු බඳු පළාත් පළමු පුරවැසියෙකු පසු ගිය මාර්තු 25 දින නගරාධිපති නිල නිවසේ ගේට්ටු දොරවල් වසාගෙන  පළාත් අධ්‍යාපන ලොක්කියකගේ දක්ෂතා පරීක්ෂා කිරීමෙන් පසු ඇයගේ වැඩබලන පත්වීම ස්ථීර කර ඇතැයි කියන රසබර පුවතක් වයඹ දිගින් වාර්තාවේ.

මාර්තු 25 දින මේ කියන අධ්‍යාපන ලොක්කියගේ උපන් දිනයයි.පළාතේ පළමු පුරවැසියා එදින ඇයව නගරාධිපති නිල නිවසට කැඳවා තිබේ.

අධ්‍යාපන ලොක්කිය පැමිණි පසු ආරක්ෂක නිලධාරීන් නගරාධිපති නිල නිවසේ දොර පමණක් නොව ගේට්ටුවද වසා දැමුවෙලු.වාර්තා වන ආකාරයට ඉන් පසු පළාත් පළමු පුරවැසියා අධ්‍යාපන ලොක්කියට ‘සර්ප්‍රයිස් ‘ උපන් දින පාටියක් පවත්වා තිබේ.

එහිදී උපන් දින කේක් කැපුවේද ,ඉටිපන්දම් පත්තු වූයේද නම් දැන ගන්නට නැත.එහෙත් මේ පාටියෙන් පසු අධ්‍යාපන ලොක්කියගේ වැඩ බලන පත් වීම ස්‌ථීර වූ ආකාරය ගැන දැන් පලාතම ‘සර්ප්‍රයිස්’ වෙලාලු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *