ඉන්ධන මිල සූත්‍රය  ජනතාවට සූත්තර පෙන්වයි

මිල සූත්‍රය තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ මාෆියාගත ක්‍රමවේදයක්ද යන්න ජනතාව ප්‍රධාන වශයෙන් වටහා ගත යුතුය.මේ වන විට IMF එකට ඕන විදියට ආර්ථිකය හැසිරුවත් විදේශ ණයවලින් ඩොලර් සතයක් හෝ රුපියලක් ණය නොපියවා කෘතිම ලෙස ඩොලරය පහළ අගයක් ගෙන ඇති බව නොරහසකි.. ඒ කෙසේ වෙතත් ඉන්ධන මිල සූත්‍රය නම් ජනතාවට සූත්‍ර පෙන්නනවා කියන එක රටේ ජනතාව පසුගිය මාස දෙක තුන තුළ හොඳින් වටහාගෙන ඇත..පිරිවැයට සාපේක්ෂ මිල දර්ශකයක් හඳුන්වා දී මාසෙ පළවෙනිදට ඒ මිල දර්ශකයට අනුව ජනතාවට මිල උච්චාවචනයන් කරනවා කිව්ව ඇමතිවරු  ,තෙල් සංස්ථාවේ නිලධාරීන් මේ වන විට ජනතාවට ඒ සහනයවත් ලබා දිමට කටයුතු නොකරති.

එහිදී පිරිවැය දර්ශකය විෂය භාර අමාත්‍යවරයා X පණිවිඩයක් මගින් ප්‍රකාශයට පත් කරල නොමැත.ආයතන තුනක් හතරක් ඉන්ධන ආනයනය කිරීමේ දි තරංකාරී වෙළඳපොලක් මෙම ආයතන විසින් ඇති කරල රටේ ජනතාවට ඉන්ධන සහනයක් ලබා දෙන බව සදහන් කළද  මෙම සමාගම් රටේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ සමාගම් කියන එක මේ වෙනකොට තහවුරු වී තිබෙි.ඊට හොඳම උදාහරණය  තෙල් සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයේ දෙදෙනෙක්ම එම පෞද්ගලික ආයතන දෙකක ප්‍රධාන පුටුවලට පත්වීමයි.

කෙසේ නමුත් තෙල් මිල ගැන කියන්න තියෙන්නේ ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් ප්‍රයිස් එක මිල උච්ඡා වචනය මත පසුගිය මාස දෙක තුළ යම් පහත බැසීමක් තියෙද්දිත් ලංකාවේ වැටිි බද්ධ නිසා  ඉන්ධන මිල අඩු කළ නොහැකි බව  ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී  බොහෝම අමාරුවෙන් ප්‍රකාශය කළේටය.

ඇමතිවරයාගේ ප්‍රකාශ නම් ඉතාම මුසාවාදා කියන එක් බව දැන් හොඳටම පැහැදිලියි.පෞද්ගලිකකරණය එතුමා ඉස්මුදුනින් තියාගෙන රටේ ජනතාවට සහන දෙනවා කියලා කිව්වට මේ වෙනකොට එම පෞද්ගලිකරණය සම්පූර්ණයෙන් බොරුවක් බව රටේ ජනතාව වටහාගෙන තිබෙි.වැඩියෙන් පරිභෝජනය වන ජනතාවට අවශ්‍ය ඉන්ධනවල මිල 92 petrol ,auto dieslerමාස කීපයක සිට මිල අඩු නොකර රටේ මැති ඇමතිවරුන් ධනපතියන්  පදවන අඩු පරිභෝජනයක් තියෙන 95 පෙට්‍රල් සුපර් ඩීසල් භාවිතා කරන වාහනවල ඉන්ධන මිල නම් බොහෝම උජාරුවට අඩු කර තෙල් මිල අඩු කර ඇති බව පවසන නිවට පාලනයක්  රටේ තිබෙි.

එහෙනම් ඉතින් අවුරුදු මාසේ නෑගම් ගිහිල්ලා විනෝද චාරිකාවක් එකක් ගොස් ක බී පොඩි විනෝදයක් ගන්න පවුල පිටින් ඇවිදින්න යන්න හිටපු ජනතාවට මේ සැරේත් මේ ආණ්ඩුව කොකා පෙන්නුවා ඇත.එහෙත් ආණ්ඩුව නම්  පවසන්නේ  දැන් ඔක්කොම හරි රට ආර්ථික වශයෙන් දියුණුවක් ලබා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *