පළාත් සභා පළාත්පාලන ආයතන අක්‍රිය අස්සේ රජයේ නිළධාරින්ට රජ මගුල්

මධ්‍යම පලාත් සභාවත්,නගර සභා ,නගර සභා සහ ප්‍රාදේශිය සභා විසුරුවා හැරීමත් සමග එම ආයතනයන්හී මහජන නියෝජිතයන්ද  ඉබෙිම ඉවත් වීමත් සමග එම ආයතනයන්හී විධායක සහ වෙනත් ඉහළ ශ්‍රේණියන්හි තනතුරු දරණ නිලධාරින් ඉතා සූක්ෂම ලෙස ජනතා මුදල් අයථා ලෙස ගසාකෑම සිදුකරගෙන යන බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වෙමින් පවතියි.

පලාත් සභාවේ ඉහළම අමාත්‍යාංශ යන්හි ලේකම් ධූර දරන ඇතැම් නිලධාරින් කොමිස් ගැහිලි ,කොන්ත්‍රාත් කරුවන්ගෙන්  අතිවිශාල ලෙස අතයට මුදල් ලබා ගැනීම් සිදු කරගෙන යන අතර අධ්‍යාපන විෂය භාරව  මැද රට ඉහළම නිලයක් දරන  නිලධාරියෙක්  අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ඉදිකිරිම් කොන්ත්‍රාත් කරන කුණ්ඩසාලේ මහා පරිමාණ කොන්ත්‍රාත් කරුගෙන් අති විශාල සන්තෝෂම් මුදල්ද ලබා ගන්නා  බවට තොරතුරු වාර්ථාවෙි.

මිට අමතරව සනීපාරක්ෂක උපකරණ සමාගම් වලින් අති විශාල අතයට මුදල් ලබා ගන්නා බවත්චෝදනා කරන ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන්,ඇතැම්  විදුහල්වල  විදුහල්පති වරු හා රූමත් විදුහල්පතියන් ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන ලමුන් පාසැල් වලට ඇතුලත් කරගනිද්දී ඒවා තුට්ටුවකට නොසලකා අසරණ ගුරුවරු ටියුෂන් පංතියක් පවත්වා ලමුන්ගෙන් තුට්ටු දෙකක් ලබාගනිද්දී ඒවා පසු පස පන්නා  යන බවටද ගුරු සංගම් චෝදනා කරති.

මැද රට පාලනය භාර දේශපාළන පත්වීම් දරන්නා වූ පලාත් ආණ්ඩුකාර වරයාද සන්තෝෂ කරමින්  මහා පරිමාණ මහජන මුදල් ගසා කන පලාත් සභාවේ අමාත්‍යාංශවල ඉහල නිලයන් දරන්නන් සුපිරි හෝටල් වල රාත්‍රි භෝජන සංග්‍රහද පවත්වති.

සොයන්න බලන්න කෙනෙකු හෝ බලධාරියෙකු නොමැති නිසා ඇතැම් නිලධාරින් විවිධ ටෙන්ඩර් කොන්ත්‍රිත් පැවරීම සඳහා ලක්ෂ 25 – 50 කප්පමි ලබා ගන්නා බව රාජ්‍ය ආයතන වල සුළු තනතුරු දරන නිලධාරින් පවසති.

ඇතැම් නිලධාරින් කාමර 20 ක පමණ සංචාරක හෝටල්ද ඉදිකරගෙන යන අතර ඔවුන්ගේ එම හෝටල් ඉදිකිරීම් සිදු කරන්නේද රාජ්‍ය ආයතන වල මහා පරිමාණ කොන්ත්‍රාත් කරන්නන් විසිනි.ඇතැම් නිලධාරින් රජයේ වාහන භාවිතයද සීමා රහිත ලෙස සිදුකරන අතර පලාත් ආණ්ඩු කාරවරයා සන්තෝෂ කිරීම සඳහා ඔහුටද විවිධ සන්තෝෂම් අනියම් අන්දමින් ලබාදෙමින් විවිධ ව්‍යාපෘති සඳහා මුදල් වැයකිරීම් ගෙවීම් කිරීමේදී ආණඩුකාරවරයා සතුටු කිරීමට සාදද පවත්වති.

නුසුදුසු සහ සුදුසුකම් නොමැති රාජ්‍ය පරිපාලන සේවයේ  විභාග සමත් නොවූ ඇතැම් පුද්ගලයන්ට පලාත් සභාවේ විවිධ අමාත්‍යාංශ වල ඉහළ තනතුරුද ලබාදී ඔවුනට රජයේ වාහන අසීමිත ලෙස පාවිච්චි කිරීමටද ඉඩදී අයථා ලෙස දීමනාද ලබා ගැනීමට ඉඩකඩ සලසා දී ඇති බවට පලාත් සභාවේ රාජ්‍ය සේවාවේ වෘත්තිය සමිති චෝදනා කරති.

ඇතැම් නිලධාරින් තම ආයතන වල මිළදී ගැනීම්,ආපන  ශාලා බදුදීම්,පාසැල් සඳහා මහා පරිමාණ භාණ්ඩ මිළදී ගැනීම් හරහා කෝටි ගනනින් අයථා ලෙස මුදල් යටි මඩි ගසන බවද ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් රාජ්‍ය නිලධාරින් තමන් යටතේ පවතින අමාත්‍යාංශවල පොදු කොන්ත්‍රාත් මහා පරිමාණයෙන් කරන්නන් ලවා තමන්ගේ සුපිරි නිවාස තනා ගැනීමද සිදු කරගෙන යයි.

රජයේ වාහන අසීමිත ලෙස භාව්තා කරමින්  ඇතැම් රියදුරන්ට අධික ලෙස ගෙවීම් ලබාදෙමින් තම පුද්ගලික කටයුතු සියල්ල ඉටුකරගන්නා පලාත් සභාවේ ඇතැම් ඉහළ නිලයන් දරන රාජ්‍ය නිලධාරින් දේශපාලකයන්ට වඩා ජනතා බදු මුදල් සූක්ෂම ලෙස ගසාකන බව රාජ්‍ය සේවා වෘත්තිය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *