ලොකු රාළහාමිගේ පීචන් වැඩ කිඩ

අද වන විට  ලොකු  රාළහාමි  කිව්වහම පොලිසියෙු අය පමණක නොව රටුටුත් එයාගේ කෙරුවාව දන්නවා.යළිත් මට පෙර මෙම පළාතේ වැඩ කරලා යළිත් ආවට පසුව නැවතත් ඔහුගේ පරන පුරුදු පටන් අරගෙන කියලා ආරංචි.එකවතාවක් මෙම ලොකු රාළහාමි රටම ගිනිතිබිබා වද කථාවක් ජනගත කරලා.

කොහොමිනි කොහොම හරි යළිත් හිටපු පළාතේ ලොක්කා වෙිලා  ආවට පස්සේ පලාතේ පොලිසි වල නිලධාරින්ට  රාජකාරිය එපාවෙලා.  රස්සාවත්  එපා වෙලාලු.මේ ලොක්කා  සිමෙන්ති සංස්ථවෙි ගජ එයාගේ බල ප්‍රදේශයේ පොලිස් කූඩුව  සැකකරුවන්ගෙන් පුරවන්න කියල එයා අණක් දීලා.අසරණ මිනිස්සු  සැකයි කියල අල්ලල   පසුවැනි දිනට  පොලිස් ඇප දෙනවලු. මේ ලොක්කගෙ බැදලා ඉන්න නොනගේ ගමේ මනුෂ්‍යයෙක් සීනී 500  ගන්න නගරයට එන මනුස්සයත් හැඳුනුම්පත් නැතිනම්  පොලිස් කූඩුවෙලු.  කුඹුරු කොටන්න  යන මිනිහත්  සැකයි කියල පොලිසිය අල්ලගෙන  යන්නෙ  සැකයි කියලලු.තමන්ගෙ බල ප්‍රදේශයේ පොලිසි  200  ක නිලධාරින්ට පොලිසිය එපා කරවන්නේ මේ ලොක්කලු.පස්සේ එයත් එක්ක මිට පෙර හිටිය හා ගෙදරට අවශ්‍ය අඩුම අඩුම කුඩුම සපයපු නිළධාරින් ඒ තැන්වලට පත් කරනවාලු . මෑතකදී එසේ තොකු රාලහාමිත් එක්ක වැඩ කරන්න බැරිව ගිය පොලිස් කොඨඨාශයට පත් කලේ ඊඨත්වඩා පහළ නිළයක් දරන එදා සිට අද දක්වා මාලු සපයන නිළධාරියෙක් බව මුලු පළාතේම නිළධාරින් දන්න බව මෙි ලොක්කා දන්නේ නැතිලු.පිරිණු කලේ දිය නොසැලේ යන කියමන පසක් කැමින් කටයුතු කරන ලොකු රාළහාමිට අමතකවී ඇත්තේ තමන් හැදුණු වැඩුනු පරිසරය නිසා එයාට මෙම තනතුර ඔරොත්තු නොදෙන තත්වයට පත් වී ඇති බව නම් පැහැදිලිය.

මේ ලොක්කා පුත්තලමේ සිමෙන්ති සංස්ථාවෙන් ප්‍රජාව වැඩට කියලා සිමෙන්ති අරගෙන තමන්ගේ හෝටලේ හදනවාලු. සිමෙන්ති කොට්ටේ හම්බවෙන්නේ රුපියල් 350ටලු. කියන්නේ පොලිසියේ ප්‍රජාව වැඩවලට කියලාලු.මෙයාගෙ වැඩ ගැන පොලිස්පතිත් දන්නවලු.මෙයා එක්ක වැඩ කරන්න බැහැ කියල එම පලාතේ  පොලිස් නිලධාරින් රැසක් සේවය අත්හැර  ගෙදර  ගිහින්ලු.

මේ ලොක්ක ලඟදී හදපු ලී බඩු සාප්පුවේ හදන වැඩ කටයුතු වලට පොලිස් පොඩ්ඩන් කීප දෙනෙක්  යොදවා ගත්තලු.මේ ලොක්කා යන යන තැන රූමත් කාන්තා පොලිස් සැරයන්වරියක් අරගෙන යනවලු.හෝටලය හදපු පලාතේ රාජකාරී කරන්න යද්දී ඒ පලාතට එක්කන් ගියාලු.ආපහු මේ  පලාතට එනකොට ඒසුන්දරිත් රැගෙනඇවිත්  ඒයාගේ   කාර්යාලයට දාගෙනලු.

අනේ පව් මේ කාන්තාවගෙ සැමියාත්   පොලිසියේ කොස්තාපල් කෙනෙක්.සුන්දරි තනි කර ගන්න ඕනෑවට ඒ අහිංසකයා වටෙිට මාරු කරනවාලු .අවසානයේ මේ පොලිස් ලොක්කගෙ හිරිහැර විඳින්න බැරිව එයා බිරිඳගෙන් අයින් වෙලා ගියාලු. 

මේ ලොක්කගෙ  නියෝග ක්‍රියාත්මක කරන්න  යන පොලිස් පොඩිඩන්   ඒක කරන්නෙ අකමැත්තෙන්ලු.මේ ගැන පොලිස් ඇමති  වග බලාගන්න ඔිනේ කියල ඒ පලාතේ පොලිස් පොඩ්ඩෝ කියති.දැනටමත් පොලිස් සේවය හැර ගිය වැඩිම පිරිස  ලොකු රාළහාමිගේ  පලාතෙන්  වාර්තා වෙලාලු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *