පරිවාස ළමයින්ගේ පරිහරණයට දුන් වැන් රථයෙන් එහි සේවකයන් විනෝද සවාරි යයි

මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන  මහනුවර බෝවලවත්ත ටිකිරි සෙවන ළමා නිවාසයේ රඳවා සිටින මාපිය  රැකවරණය අහිමි අසරණ පුංචි දරුවන්  අසනීප තත්ත්වයකට ලක්වූ විට රෝහල් කරා ගෙන යාමට විදේශීය ආධාර මත ලබා දුන් වෑන් රිථය ,පලාත් සභාවේ ඇතැම් ඉහළ නිලධාරින්ගේ  පෞද්ගලික ගමන් බිමන් සඳහා රැගෙන යන බව වාර්ථාවෙි.

 පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ  නිලධාරින් සහ නිලධාරිනියන්ගේ විනෝද චාරිකා සඳහා මෙම වැන් රථය යොදවා ගෙන අසරණ දරුවන් බයිසිකල්  හෝ ත්‍රිරෝද රථවලින්   ගමන් බිමන් සදහා  රැගෙනයන බව එහි සේවක සේවිකාවන් පවසති.

විදේශ රටකින් මෙම ළමා නිවාසයට  ලබාදුන් මෙම රථය ඉහළ නිලධාරින්ගේ ගමන් බිමන් වලට යොදවා ගනිද්දී පලාත් සභාවෙි මහජන මුදලින් යැපෙන නිලධාරින් මෙන්ම පලාත් ආණ්ඩුකාරවරයාද  ඇස් කන්නැති අයවලුන් සේ සිටින බව පරිවාස හා ළමාරක්ෂක  දෙපාර්ත⁣මේන්තුවේ සේවකයෝ පවසති.

මේ සමිබන්ද යෙන් සොයා බැලිමට   වගකිව යුත්තෙකු නැතිමැදරට පලාත් සභාවේ ඇතැම් ලේකම්වරු ඉහළ රාජ්‍ය නිලධාරින් නිලධාරිනියන් ජනතා දේපල අවභාවිතා  කරද්දී නීතී විශාරද ආණ්ඩුකාර වරයාද  කිසිවක් නොදන්නා සේ සිටිතැයි,පලාත් සභාවේ රාජ්‍ය සේවකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *