බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් පිලි නොපදින CPSTL සමාගමේ සභාපති.

 ලංකා  ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගම බලශක්ති අමාත්‍යාංශයේ  උපදෙස් හා නිර්දේශ  නොතකා පිරිස් බදවා ගැනිමට කටයුතු කරමින් සිටින බව වාර්ථාවෙි.ලංකා  ඛනිජ  තෙල් තොගබඩා පර්යන්ත සමාගම  අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් 2022 වසරේ බලශක්ති අමාත්‍යාංශයේ විෂය පථයට  අයත් කොට වර්තමාන බලශක්ති අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

එසේ තිබියදී ලංකා  ඛනිජ තෙල් තොගබඩා පරියන්ත සමාගමේ වර්තමාන සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂකවරයා   බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබා දෙන  උපදෙස් හා නිර්ණායකයන්ට පැටහැනිව කටයුතු කරන බව  සමාගමේ වෘත්ති සමීති නියෝජිතයකු පැවසීය. දැනට 2021 වසරේ සිට වසර 04 ආසන්න කාලයක්  පර්යන්ත සමාගමට අනුමත පිරිස් බල සැකැස්මක් සකස් කර නොමැති අතර  ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයේ සහ අග්‍රාමාත්‍යවරයාගේ කමිටු මගින් ලබාදී ඇති නිර්දේශයන්ට අනුව  අවශ්‍ය උපදෙස් හා  මාර්ගෝපදේශකයන් ලබා දී ඇති අතර  සමාගමේ මානව සම්පත් කළමනාකරණ කාර්යාංශයේ  නිලධාරීන්ට එමගින් අවශ්‍ය නිර්ණායකයන්ද ලබා දී ඇති  බව වාර්ථාවෙි.

එවැනි පසුබිමක  මෙම සමාගම රජයට වග කියන සහ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවටත්,කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවටත් ඒවායේ නිර්ණායකයන්ට ,මූල්‍ය රෙගුලාසි වලට අනුව කටයුතු කරන තත්වයක් මත වර්ථමාන සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා එම කාර්යාංශ වල නිලධාරීන්ට බලපෑම් කරමින්  බලශක්ති අමාත්‍යාංශයේ  පරිපාලන තීන්දු බැහැර කරමින් කටයුතු කරන බව සමාගමේ වෘත්ති සමීති නිලධාරියකු අපට පවසා සිටියේය.

මෙම ආයතනය කෝප් කමිටුව යටතට සහ විගණකාධිපති යටතටද පත්කර ඇති සමාගමක් වේ. එසේම 67% කොටස් රජය සතු වන සමාගමක් ද වේ.මේ පිළිබඳව 2016 වසරේ නීතිපතිවරයා විසින් ඒ පිළිබඳව දන්වමින් නීති පුරෝ කතනයක්ද ලබා දී ඇත.  මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් අධ්‍යක්ෂකවරයෙකුද මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ පත්වීම් ලබා ඇත. එවන් පසුබිමක  අධ්‍යක්ෂක මණ්ඩලය විටින් විට මෙම පිරිස් බල සැකැස්මට අදාළව ප්‍රතිපත්තියක් මත කටයුතු නොකොට  විටිනි විට විවිධ වූ පරස්පරතාවයන් සහිත තීරණ වර්තමාන මානව සම්පත් කළමනාකාරවරයාගේ  අති දුරුවල පරිපාලන භූමිකාව ඔස්සේ  අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කර ඇති බවත්  මෙම පිරිස් බල සැකැස්මට අදාළව අධ්‍යක්ෂක මණ්ඩලය විසින්ම ආයතන 05 මගින් උපදේශයන් ඔස්සේ පිරිස් බල සැකැස්ම සකස් කිරීමට කටයුතු කරන ලෙස අනුමත කරගෙන ඇති අතර වසරකට ආසන්න කාලයක් තුළ එම අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය ක්‍රියාත්මක නොකොට තාවකාලිකව අනුමත කරගත් පිරිස් බළ සැකැස්මකට උසස් වීම් හා නව බදවා ගැනීම් කිරීමට කටයුතු කරමින් සිටින බව එම වෘත්තීය සමිති නිලධාරියා අප වෙත සදහන් කළේය.

 කෙසේ නමුත් මේ පිළිබඳව   ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කරන පාර්ලිමේන්තු කටයුතු ඔම්බූඩිිස්මන් වරයා වෙත පැමිණිල්ලක් ඉකුත් සතියේ  වෘත්තීය සමිත නිලධාරියකු විසින් පැමිණිලි කර ඇති බවත් ඔහු පවසා සිටියේය. තවත් වෘත්තීය සමීති නියෝජිතයකු පවසා සිටියේ වර්තමාන බලශක්ති අමාත්‍යවරයා  මෙම ආයතනයේ වෝහාරික විගණනයක් මගින් පෙන්වා දුන් දූෂිත අක්‍රමිකතාවයන් හෙළිදැව් කිරීමෙන් පසු වර්තමාන සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා දූෂිත නිලධාරීන් සුරැකීමට මෙම ආයතනය වැරදි මාවතකට ගෙන යන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *