ගෝඨාගේ පොතට මිග්යානා ගිවිසුමේ මුල් පිටපත් ඇතුළත් නොවිම ගැන උදයංග ප්‍රශ්න කරයි

මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුව විභාගවිමට ආරම්භකර ඊයේට වසර නවයක් ගතව ඇති අතර එම නඩුවට සම්බන්ධයෙන් නීතිපති උපදෙස් වසර 7 ක් තුල ලබා නොදිම ගැටලුවක් බව නිවෙිදනයක් නිකුත් කරමින් රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයාංග වීරතුංග මහතා පවසනවා
ශ‍්‍රීලංකා ගුවන් හමුදාවට 2006 වර්ෂයේදී මිග්යානා මිලදී ගැනීමේදී සිදු වී ඇති මුල්‍ය අක‍්‍රමිකතාවයන් සම්බන්ධයෙන් 2015 මාර්තු 05 දින “සන්ඬේ ටයිම්ස්” පුවත්පතෙහි මාධ්‍ය ලේඛක ඉක්බාල් අතාස් විසින් පළ කරන ලද ලිපිය සමිබන්දයෙන් එවකට යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රියාත්මකවු දුෂණ විරෝධි කාර්යාලයේ අනුර කුමාර දිසානායක ඇතුළු ඔහුගේ හිටපු පුද්ගලික ලේකම් ආනන්ද විජේපාල අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කල කාර්යාලය වෙත පැමිණිලි කර ඇති බව එම නිවෙිදනයේ දැක්වෙි.
ඒ අනුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට 2015 මාර්තු 26 වෙනිදා ගොනුකරන ලද මිග් යානා නඩුව පසුගිය වසර 09 යක් පුරාවට කොටුව මහේස්ත්‍රාත් උසාවිය තුල කැදවා ඇත. එසේ නමුත් 2017 මැයි 31 දා සිට වසර 07කට ආසන්න කාලයක්‌ නීතිපති උපදෙස් ලබා නොදීමට හේතුව පුද්ගලික දේශපාලන පළිගැනීම් බව රටටම හෙළිදරව් වී හමාර බව සදහන් වෙි.
මේ ගනුදෙනුවෙහි ප්‍රධානතම ලේඛනය වන SLAF/2006/07/Air ගිවිසුම අස්ථාන ගත වී ඇති නමුත් ඊට වගකිවයුතු ගුවන් හමුදා නිලධාරීන් මෙම නඩුවෙහි සැකකරුවන් ලෙස හෝ නම් නොකිරීම පිළිබඳ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේදී මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන්ට චෝදනා කරන ලදී.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති, රෝෂාන් ගුණතිලක විසින් අත්සන් කරන ලද මිග් යානා ගිවිසුම අස්ථානගත වීම සම්බන්දව විමර්ශනයක් සිදුකර අධාල තොරතුරු උසාවියට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේදී නඩුව යළ කැදවු අවස්ථාවෙි දී නියෝග කරන ලදී.
ගෝටාභය රාජපක්ෂ විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනුකරන ලද, විදේශ අමාත්‍ය අලි සබ්රි නීතීඥවරයා පෙනීසිටින ලද නඩුවට රැගෙන ගිය මිග්යානා ගිවිසුම, ශ්‍රී ලංකාව තුල නැතිවී සොයා ගැනීමට නොහැකි වීම “කුමන්ත්‍රණය” පොතට එකතුවිය යුතු තවත් පරිච්ඡේදයකි.
මිග් යානා ගිවිසුමට කිසිදු අත්සනක් යොදා නැති අතර එම ගිවිසුම අත්සන් කරන ලද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ගේනාධි ස්තුදිනිකින් මහතා මෙන්ම, මිග්යානා ගනුදෙනුවට අනුමැතිය ලබාදුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් කටඋත්තරයක් ලබාදුන් බව නඩු වාර්තාව තුල අඩංගු නොවීම නිසාම මිග්යානා ගිවිසුම කූඨටලේඛනක් ද යන්න රටට ප්‍රහේලිකාවක් බව විරතුංග මහතා සදහන් කරයි.
තමාගේ සියලූ ගිණුම් අත්හිටුවාලීමට 2015 අප්‍රේල් 29දා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවත් පොලිසිය හා ශ්‍රීලංකා මහබැංකුව එකතුව මාස 108 ක් පුරාවට පරීක්ෂණ සිදුකර ඇති අතර ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුමට බැරකර ඇති බවට කිසිදු සාක්ෂියක් සොයාගැනිමට අපෝසත්වු බව සදහන් කරයි.

       මෙහිදී ශ්‍රී ලංකාවේ බැංකු කෙරෙහි ඇති විශ්වසය කඩ කරමින්, ගිණුම්කරුවකුට අනාරක්ෂිත කරමින්, බැංකු ගිණුම් අක්‍රීය කරමින් සිදුකරන දේශපාලන පලිගැනීම් ඉදිරියට ද සිදුවන බැවින්, එතෙරදී උපයන මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවල තැන්පත් කර, මා මෙන් රජයේ ගොදුරක් නොවන ලෙසට ලාංකිකයන් දැණුවත් කරන බව ඔහු පවසයි.  අධිකරණය මා සැකකරුවකු කිරීමට එරෙහිව නිතියෙන් පිළිසරණක් නොලැබුණත්, ස්වභාවධර්මයත්, කාලයත් යම් දිනයක තමාට සාධාරණය ඉටුකරනු ඇති බව ඔහු විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *