සිරිසේන වැලිකඩට – දයාසිරි ඩාලි පාරට

පුද්ගලාභිවන්දන යුගය අවසන් කර ඒ වෙනුවට වැඩපිලිවෙලක්,  ප්‍රතිපත්තියක් රජ කරවන යුගයක් අරඹන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ (23) උත්තර ලංකා සභාව විසින් මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී පවත්වන ලද ජන සමුළුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා

නායකයෝ හදලා නායකයෝ ජනතාවගේ බලාපොරොත්තු කුඩු පට්ටම් කරලා දාලා ජනතාව දැන් හති වැටිලා ඉන්නේ.  2015 දී යහපාලනයක් හදන්න සිරිසේන මහත්තයා ගෙනාවා.  ආණ්ඩුව බලයට ඇවිත් මාස දෙකක් යන්න කලින් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කලා. 

ඒ විතරක් නොවේ ජාතික ආරක්ෂාව බිංදුවට වට්ටලා පාස්කු ප්‍රහාරය සිදු වුණෙත් ඔය යහපාලන කාලයේ දීම තමයි.  දැන් ඔන්න සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරය කලේ කවුද කියලා මම දන්නවා.  අධිකරණය නියෝග කලොත් තොරතුරු හෙලි කරනවා කියලා.  හිටපු ජනාධිපතිතුමනි. අපරාධයක තොරතුරු හෙලි කරන්න ඕනි පොලිසියට මිස උසාවියට නොවේ.  විමර්ශන කරන්නේ පොලිසිය.  ඒ නිසා වහාම ගිහින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න. අපරාධයක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන සිටීම වරදක්.  ආණ්ඩු විරෝධි කුමන්ත්‍රණයක් ත්‍රස්තවාදි ක්‍රියාවක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන ඊටත් වඩා බරපතලවරදක්.  වසර දහයක සිර දඬුවමක් ලබා දිය හැකි වරදක්.  දයාසිරි ජයසේකර මැතිතුමනි, සිරිසේන මහත්තයා වැලිකඩට යන කොට ඩාර්ලි පාරට ගිහින් නායකත්වය භාර ගන්න දැන් ලැහැස්ති වෙන්න.

සිරිසේන මහත්තයා ගෙදර යවලා සෞභාග්‍ය ඇති කරන්න කියලා ගෝඨාභය මහත්තයා ගෙනාවා.  එයාගේ අතීත ප්‍රගති වාර්තාව හොඳ නිසා ඇත්තටම සෞභාග්‍ය ගෙනේවි කියලා ලක්ෂ 69ක් ජනතාව හිතුවා.  අන්තිමට මොකද වුණේ?  එයා ඇමෙරිකානුවෝ දෙන්නෙකුට යට වුණා.  එයා රට පාලනය කලේ ලක්ෂ 69 සිතුම් පැතුම් ඉටු කරන්න නොවේ.  බැසිල් රාජපක්ෂ ජූලියා චං කියන ඇමෙරිකානුවන් දෙන්නාගේ සිතුම් පැතුම් ඉටු කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *