මහනුවර ආදර්ශමත් පාසලක මුදල් එකතු කිරිමේ ජාවරම බළධාරින්ට අතටම අසුවෙයි.

මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන කැන්ඩි මොඩ්ල් විදුහලේ හය වසරට ළමුන් ඇතුලත් කිරීමේදී,එහි විදුහල්පතිනි හා තවත් ගුරුවරියන් කීප දෙනෙකු දෙමව්පියන්ගෙන් රුපියල් පණස් දහසේ සිට ඉහළ මුදල් ලිවුම් කවරවලට දමා එකතු කරද්දී හදිසියේ එහි පැමිණි මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයාගේ අණින් පිහිටුවන ලද මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශණ නිලධාරින්ගේ අතට හසුවී තිබේ.
මෙම ජාවාරම කරගෙන ගිය විදුහලේ විදුහල්පතිනියගේ සැමියා හමුදාවේ උසස් නිලධාරියෙකුද බව එම විදුහලේ ⁣දරුවන්ගේ දෙමව්පියන් පවසති.
මුදල් ඇන්ලොප් සමග විමර්ෂණ නිලධාරින්ගේ අතටම හසුවූ මෙම මුදල් ජාවාරම් කාරියන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා ඔවුනට දැඩි විනය පියවර ගන්නැයි පොල්ගොල්ලේ පිහිටි කැන්ඩි මොඩ්ල් විදුහලේ දරුවන්ගේ දෙමව්පියන් මධ්‍යම පලාත් ආණ්ඩුුකාර වරයාගෙන් සහ මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකමි මේනක හේරත්ගෙන් ඉල්ලා සිටිති.
මෙම විදුහලේ විදුහල්පතිනියගේ සැමියා යුද්ධ හමුදාවෙි මේජර් කෙනෙකු නිසා ඔහුට බියවී සිද්ධියේ පරීක්ෂණ යට ගැසිමේ උත්සහයක් ඇතැයි විදුහලේ දරුවන්ගේ දෙමව්පියන් පවසයි.
දෙමව්පියන්ගෙන් ලබාගත් මුදල් සහිත ලියුම් කවර පරීක්ෂා කල පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හදිසී විමර්ශණ ඒකකයේ නිලධාරින් එම මුදල් නිසි පරිදි ආපසු දෙමව්පියන්ටම ලබාදී තිබෙි.
මහනුවර ප්‍රධාන ජනප්‍රිය විදුහලකටද අලුතෙන් පැමිණි විදුහල්පති වරයෙක් රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ හත බැගින් මුදල් සන්තෝෂම්ල බාගනිමින් එම පාසැලට ළමුන් ඇතුලත් කිරීමේ ජාවාරම ජයටම කරගෙන යන බවත් මෙම ජාවාරම පිටුපස ඔහුගේ ඇඹේනියද සිටින බවත් ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම විදුහල රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින බැවින් එම විදුහලට ඇඟිළි ගැසීමට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයට නොහැකි බවද තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොල්ගොල්ලේ කැන්ඩි මොඩ්ල් ආදර්ශ විදුහලේ ශිෂ්‍යත්ව විභාගයෙන් හය වසරට සමත්වූ දරුවන් ඇතුලත් කර ගැනීම සඳහා මෙම සන්තෝෂම් මුදල් ලිවුම් කවර එකතු කිරීටම් ජාවාරමට විදුහලේ ගුරුවරියන් කීප දෙනෙක්ද හවුල් බවට එහි පරීක්ෂණයට ගිය විමර්ශණ නිලධාරින් අනාවරණය කරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *