නිතිපති එකට හොර පාරෙන් නිතිඥයන් දසදෙනෙකුගේ නම් ඉහළින් එයි

නිතිපති දෙපාර්තමේන්තුවට නිතිපතිවේදින් බදවා ගැනිමට  පැවති සම්මුඛ පරික්ෂයෙන් තොරා ගත්   නිතිඥයන් දස දෙනෙකු ගේ නම් කපා දමා විනිසුරුවන්,නිතිපති දෙපාර්තමේන්තුවේ හා දේශපාලඥයන්ගේ දරුවන්  හා හිතවතුන්ගේ නම් ඇතුලත් කර ඇති බව වාර්තාවෙි.

නිතිපති දෙපාර්තමේන්තුවට නිතිපතිවෙින් 23 දෙනෙකු බදවා ගැනිමට  පසුගිය දෙසැම්බර් 29 දින අයදුම්පත් කැදවු අතර එය පසු ගියා ජනවාරි 22න් අවසාන විය. එහිදී ලැබි තිබු අයදුම්පත් 800න් 200ක් මුලික සුදුසුකම් සපුරා නොමැති නිසා ඉවත් කර ඉතිරි 600 දෙනා දිනකට 25-30 බැගින් කැදවා සම්මුඛ පරික්ෂණ පැවත්වා තිබේ.ඒ  අනුව පසුගිය 19 දින සමිමුඛ පරික්ෂණය අවසන් වී ඇති අතර එදිනම ආදාළ නාම ලේඛණය එවා ඇත.

ඉන් 23 දෙනෙක් තොරා ගත් පසුව  නිතියේ ආදිපත්‍ය රැකිමට සිටින තැනකින් නිතිපති දෙපාර්තමේන්තුවට දසදෙනෙකුගේ නාමලේඛණයක් එවා ඇත්තේ එම නම් ඊට ඇතුළත් කරන ලෙසට දන්වමිණි.

එසේ එවා ඇති නාම ලේඛනයේ ඇමතිවරයෙකුගේ,ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරුවරුන් දෙදෙනෙකුගේ හ නිතිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙකුගේ දුදරුවන් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *