අසරණයන් එළවා දමා ධනවතුන්ට හෝටල් හදන්න ඉඩම් දෙන මහවැලි නිළධාරින්

මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ සහ මහවැලි අධිකාරියේ නිලධාරින් තෙල්දෙණිය කුණ්ඩසාලේ නත්තරම්පොත ,දිගන , තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ රක්ෂිත කොටස්වල   අනවසරයෙන්  හෝටල්,හෙලිකොප්ටර් අංගන ඉදිකල කෝටිපතියන්ට   ඉඩ දෙමින්,කුණ්ඩසාලේ නත්තරම්පොත විදුරගේ වත්ත නැමති කොටසේ පදිංචි අසරණ දෙමළ පවුල් පහක් ඔවුන්ගේ කුඩා දරුවන්ද සමග නිවාස වලින් එළියට ඇද දමා,ඔවුන් පදිංචි නිවාස වලටද ඉබි යතුරු දමා, පලවා හැර තිබේ.

මෙම පවුල්වල කුඩා බිළිඳුන් පවා මේ වන විට ගස්යට රැඳී සිටිති.

දින 14 ක් තිස්සේ  දැඩි  අව්වෙන් පීඩා විඳිමින් අඳුරේ  ගත කරමින්,ගස් යට උයා පිහාගෙන කමින්  මැසි මදුරු පීඩා විඳිමින්  දිවා රැය ගත කරන මෙම අසරණ පවුල් ඔවුන්ගේ  ගෙවල්  දොරවල් ස්ථීරව සාදාගෙන  ජීවත් වෙද්දී  අනවසරයෙන් පදිංචි බව පවසා  එම නිවැසියන්  ඉවත් කර ඇති මහවැලි නිලධාරින් මේ පිළිබඳව මාධ්‍යයට තොරතුරු නොදෙන ලෙසද තර්ජනය කර ඇත.

මහවැලියට අයත් ජලාශ රක්ෂිත අමු අමුවේ  අනවසරයෙන් අල්ලාගෙන දැවැන්ත සංචාරක හෝටල් ඉදිකර ඇති ධනවතුන්ගේ හෝටල් වලින් කා බී අතයට සන්තෝෂම් මුදල්ද ලබාගන්නා ඇතැම් මහවැලි නිලධාරින්,අසරණ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් වලට ඉබි යතුරු දමා එම නිවාස වල වෙසෙන දරු පවුල් මහ මගට ඇද දැමීම අවට වෙසෙන ජනතාවගේද දෝෂ දර්ශණයට ලක්ව තිබෙි.

මහවැලි නිලධාරින් තම නිල බලය යොදා ගනිමින්  මහවැලියට අයත් වටිනා ඉඩම් අත්පත් කරගෙන,එම ඉඩම්වල මහා මන්දිර ඉදිකර ඒවා සංචාරක නිකේතන සඳහා බදුදී රුපියල් කෝටි ගනන් මුදල් උපයා ඇතිබව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලකයෙකු වන දයා ගමගේ  ට අයත් කුණ්ඩසාලේ පිහිටි සංචාරක හෝටලයට  හෙලිකොප්ටර්  නැවැත්වීමේ අංගණයක්ද සාදා ගැනීම සඳහා මහවැලි රක්ෂිතයේ ඉඩමි අත්පත් කරගන්නට ඉඩදී නිහඬව සිටින මහවැලි නිලධාරින් අසරණ දරුපවුල් ඔවුන් පදිංචි නිවාස වලින් එළියට ඇද දැමීම අසාධරණ බවද,මෙම සෝචනීය සිද්ධියට විරෝධය පල කරන අවට ජනතාව පවසති.

දැනට මෙම දරු පවුලේ එක් කුඩා දරුවෙකුට ඩෙංගු රෝගයස වැළඳී ඇති බව දැනගන්නට ලැබිණි.

දෙමළ ජාතික මෙම අසරණ පවුල්වෙනුවෙන් හඬක් නගන්නට මැදරට දෙමළ දේශපාලකයන් සොයා ගන්නටද නොහැකි බව මෙම අසාධාරණය   ගැන හඬක් නැගු  කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වූ දීප්ති  පෙරේරා මහතා පැවසීය.

වික්ටෝරියා ජලාශ රක්ෂිතයේ හෝටල් රැසක් නීතී විරෝධිව ඉසිකර තිබියදී මහවැලි නිලධාරින්ට ඒවා ඉබි යතුරු දමා වසා දමන්නට කොන්දක් නැතැයි මහජනතාව  පවසති.

මෙම අසරණ පවුල් ඔවුන්ගේ මුදලින් ඉදිකල  ස්ථිර නිවාස වලින් ඔවුන් පිටතට ඇද දමා ඇත්කේ අධිකරණ නියෝගයක්ද නොමැතිව බව දැන ගන්නට ලැබිණි.මෙම  පවුල්වල කුඩා දරුවෙකු සර්පයෙකු දෂ්ඨ කර හෝ වෙනත් රෝග තත්ත්වයකින් මරණයට පත්වුවහොත් එයද විශාල දේශපාළන අර්බූදයකට මෙන්ම වාර්ගික අර්බූදයකටද හේතුවිය හැකි බව මේ පිළිබඳව විස්තර හෙළිකල   හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ප්‍රදීප් පෙරේ⁣රා මහතා කීය.මෙම පවුල්වල ආබාධිත මෙන්ම දැඩි රෝගාතුර තත්ත්වයේ පසුවන  අයවලුන්ද  සිටිති.

මේ අතර ගහෙන් වැටුණු මිනිහට ගොනෙක් ඇන්නා සේ,මහනුවර කුණ්ඩසාල මැතිවරණ  කොට්ඨාශයේ නත්තරම්පොත විදුරගේ වත්ත පෙදෙසේ මහවැලි රක්ෂිතයේ ස්ථීර නිවාස තනාගෙන සිටියදී එම නිවාස වලට ඉබි යතුරු දමා,නිවැසියන් පලවා හැරීමෙන්පසු, යන එන මං නැතිව ගස් යට දිවිගෙවන පවුල් හයක නිවාස වලට මුදල් ගෙවා ලබාගත් විදුලි සැපයුම කපා දැමීමට විදුලි බල මණ්ඩලයේ නිලධාරින් පියවර ගෙන තිබේ.

විදුලි බල මණ්ඩලය  තෙල්දෙණිය  ඔරුතොට වික්ටෝරියා ජලාශ රක්ෂිත ඉවුරේ අනවසර හෝටල් දෙකක් සඳහා විදුලිය සපයා තිබෙන අතර එම හෝටල් දෙක  සම්පූර්ණයෙන්ම නීතී විරෝධී ලෙස ජලාශ අධි රක්ෂිතයේ   ඉදිකර ඇත.

කරුණු මෙසේ තිබියදී විදුලි බල මණ්ඩලය ,ඔවුන⁣ට මුදල් ගෙවා නිවාස වලට ලබාගත් විදුලිය කපන්නේ එම නිවාස අනවසරයෙන් ඉදිකල ඒවා බව සඳහන් කරමින් යැයි,නිවාසවලින් පිටට ඇද දැැමූ නිවැසියන් පවසති  ,වික්ටෝරියා ජලාශ ඉවුරු කපා දැවැන්ත හෝටල් රැසක් හාරගම ගුරුදෙණිය මයිලපිටිය අවට වික්ටෝරියා ජලාශ රක්ෂිතයේ ඉදිකර තිබෙන අතර ඒවාට ස්ථීර විදුලිසැපයුම ලබාදී තිබෙි.

මෙම අනවසර ඉදිකිරීම් වලට නඩු පවරා ඇති බව මහවැලි නිලධාරින් පැවසුවද ,ඒවා තහනම් කිරීමක් සිදුකර නැති බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *