දේශපලුවන්ගේ ගොටු විදුහල්පතිවරුන්ගේ ගරානා ව්‍යාපාර නිසා මව්පියන් අසරණ වෙලා

මහනුවර නගරයේ ස්වර්ණ වර්ණ  ගෑණු ළමුන් ඉන්න ජනප්‍රිය   පාසැලක අමුතු තාලේ මුදල් අයකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වද්දී මැදරට අධ්‍යාපන ලොක්කෝ අමුඩෙන් විළි වසාගත්තා සේ ඉන්න බව මෙම විදුහලේ දරුවන්ගේ දෙමව්පියන් පවසති. මැදරට අධ්‍යාපනය භාර කොත්මලේ  ලොක්කගෙ හිතවතියක් ආරම්භ කර ඇති අලුත්ම ජාවාරම පලමු වසරට ඇතුල් කරන දැරියන්ගෙන් පුටු දෙකක් සඳහා රුපියල් වලින් තිස් දෙදහසක් ලබා ගැනිම ආරම්භ කර ඇති බව වාර්තා වෙි.

.පංති කාමර වල තීන්ත ගාන්න එක ලමයෙකුගෙන් රුපියල් දහසක්ලු,ලමුන් 40 ක් ඉන්න පංතියෙන්  රුපියල් දහසේ නෝට්ටු 40 ක්ලු,පංති භාර ගුරුවරියත් මේවට හවුල්ලු.,8 පංතියෙ ලමුන්ගෙන්,වෙනම  ගන්නවලු,දෙමව්පියන් කාට කියන්නද කියා ලත වෙති.රිලව් කඩා වදිනව කියා ජනෙල් වලට දැල් ගහන්න එක ලමයෙකුගෙන් රුපියල් 2000 ගානේ එකතු කරගන්නවලු,අසරණ දෙමව්පියන් මේ අවනඩුව කාට කියන්නද කියා  සුසුම් හෙළති.

මැද රට අධ්‍යාපන බලධාරියාත් මේවට උදව් කරනවලු,පාසැල් වල ලමයින්ගෙන් මුදල් එකතු කරන්න එ පා  කීවට  ගජ රාමෙට  මුදල් එකතු කිරිල්ල කරන්නේ විදුහල්පතිනිගේ  අනුදැණුම මතලු

අලුතෙන් ආපු  නෝනා  අධ්‍යාපන ලේකම්ගෙ හිතවතියක්ලු.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල දෙමව්පියන්   කියති.අහන්න බලන්න කෙනෙක් නෑලූ.

 මැදරට  ඉස්කෝල වලට  අලුතෙන් ලමයි  දාන දෙමව්පියන්  අසරණ වෙලාලු,මේ තරම් සල්ලි  කොහෙන් හොයන්නද කියල දෙමව්පියො කියති.මහනුවර ඇතැම් විදුහල් වල විදුහල්පතිවරු විදුහල්පතිනියො   යන්නෙ  රුපියල් ලක්ෂ 40 ,80  මිළ වන සුපිරි වහනවලින්ලු,බස් එකේ එල්ලී විදුහල්වලට ආපු විදුහල්පති වරු විදුහල්පතිනියෝ කෝටි පතිනියන් වෙලාලු,විශාල යකඩ ගේට්ටු සවිකරගෙන සී සීටීවී කැමරාසවිකරගෙන අ⁣ාරක්ෂකයො පිරිවරාගෙන ඉන්න සමහර විදුහල්පතිවරු හා විදුහල්පතියො හමු වෙන්න අමාරුයිලු,මැදරට අධ්‍යාපනේ විනාශ වෙලා හැම දේම මුදලට යටවෙලාලු. පාසැල් ක්‍රිඩා අධ්‍යක්ෂක ධූරය දරන්නෙත් සුදුසුකම් නැති දේශපාළන ගොගොට්ටෙක්ලු..මේවා ගැන කාට කියන්නද කියා දෙමව්පියන් අසරණ වී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *