මහනුවර පොලිස් මහ පුටුවේ නිදානය ගන්න මහවිහාර ළග පලතුරු වටිටි අරන්   SSP ලා පෝලිමේ

මහනුවර  පොලිස් කොට්ඨාශයේ  මහ පුටුව වන කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මහ පුටුව නිධානයක්  බැවින් එම පුටුවට පැන ගැනීම සඳහා මේ දිනවල අලුත් පොලිස්පති වරයාට හිතවත් කම් දක්වන කීප දෙනෙක් මහනුවර මහා විහාර දෙකක් වන මල්වතු පාර්ශවයේ සහ අස්ගිරි මහා විහාර පාර්ශවයේ  පන්සල් දොරටු ලඟ පළතුරු වට්ටි පිරිකර  දෑතින් ගෙන,මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැක එම පොලිස් පුටුවට ඒමෙි  දැඩි උත්සාහයක  යෙදෙන බව එම විහාර ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරී මහ පුටුවට ඉව අල්ලන තරු ඔටුණු ලොක්කන් කීප දෙනෙක්  ආණ්ඩුවේ ඉහළ පෙළේ ලොකු ලොක්කන්  පස්සේ යන බවත්.ඇතැමුන් දේවාළ  වලට ගොස් බාර හාර වන බවත්,ඔවුන්ගේ සමීපතමයන් හරහා දැනගන්නට ලැබිණි.මහනුවර කොට්ඨාශ භාර  ජේෂ්ඨ  පොලිස් අධිකාරි වරයාගේ පරිපාලනයට  මහනුවර  කොට්ඨාශයේ  පොලිස් ස්ථාන  15  ක් පමණ අයත් වන අතර එම පොලිස් ස්ථාන හරහා ලැබෙන සම්පත් හැම්පර්  බොහෝය.මේවාට කෑදර කමින් මේ මහ පුටුවට එන්නට දඟලන පොලිස් ලොක්කෝ එම තනතුරට හිමි පුටුව යට ඇත්තේ නිධානයක් බවකියති.

සීතකල කාමරයට වී  සැප ගත හැකි මෙම තනතුරට ඒමට මේ දිනවල උත්සාහයක යෙදෙන  කැළණිය  මහ පාළමට ආසන්න බල ප්‍රදේශයක ලොක්කෙක්ද,මහා නායක හිමිවරු බැහැ දැකීමට පළතුරු වට්ටි මහා පිරිකර දෝතින් ගෙන මහා විහාර දෙකේ දොරටු ලඟ හිටගෙන ඉන්න බව මහානායක හාමුදුරුවන්ගේ රැකවලුන් මාර්ගයෙන් දැනගත හැකිවිය.

මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරී ධූරය හෙබවූ  නිලධාරියාට හදීසි මාරුවක්  මහ මුහුදට කිටිටු පලාතකට ලැබෙන්න යනවා කියා ආරංචියක්ද පැතිර යමින් පවතින මොහොතක නුවර මහ පොලිස් පුටුවට යටින් තියෙන නිධානයට ඉව අල්ලන ධර්ම චක්‍ර තරු ලොක්කන්ගේ සංඛ්‍යාව වැඩිමවමින් පවතින බව මහනුවර පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *