කුරුණෑගල  අධිකරණයේ සැකකරුවන් වාරියපොල බංධනාගාරයට රැගෙන නොගොස් කෑගල්ලට ගෙනයන මාෆියාව

කුරුණෑගල මහෙස්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බංධනාගාර ගත කරන සැකකරුවන් ළගම ඇති බංධනාගාරයට රැගෙන නොගොස් වෙනත් දිස්ත්‍රික්කයක පිහිටි බංධනාගාරයකට රැගෙන යන බව වාර්තාවෙි.

බංධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරින්ට ඇති වාසි සහගත තත්වයක් මත කිලෝමිටර් 11ක් පමණ දුරින් පිහිටි වාරිය පොළ බංධනාගාරය තිබියදී කිලෝමිටර් 40කට වැඩි දුරක් ගෙවා ගෙන කැගල්ල බංධනාගාරයට සැකකරුවන් රැගෙන යයි.බංධනාගාරයේ තදබදයක් පෙන්වා රක්ෂිත බංධනාගාර ගතවන පුද්ගලයන්ට අතයට මුදලට සහසුකම් සැපයිම ඉතා සුක්ෂමව සිදුකරන ජාවාරමක් බව වාර්තාවෙි.

කැගල්ල බංධනාගාරයේ සිරකරුවන් 300ට පමණ ඉඩපහසුකම් ඇතත් අදවනවිට එහි සැකකරුවන් 800 අධික ප්‍රමාණයක් රදවා තබා තිබෙි.

එය සුරසරදියල් රදවා තැබු කාලයේ සිට පැවත එන සිරමැදිරිවලින් සමන්විත අතර වාරියපොල බංධනාගාරයේ අලුතින් ඉදිකර ඇති සිරමැදිරි හා එය එළිමහන් වැඩ කදවුරක් ලෙසද පවත්වා ගෙන යන ඉඩපහසුකම් වලින් සමන්විත බංධනාගාරයකි.

කැගල්ල බංධනාගාරයේ දඩුවම් ලබන හා රක්ෂිතබංධනාගාර ගත කරන සියලු රැවුවන් එහි රදවා තබන අතර එක් මැදිරියක 120ක් පමණ රදවා තැබිම නිසා එහි සිට  ගෙන සිටිමටවත් අපහසු මටිටමක පවතින බව වාර්තාවෙි.කුඩා වාකවුලුවකින් පැමිණෙන වාතයෙින් අපහසුවෙන් හුස්මගන්නා සිරකරුවන් දවසකට පැයක පමණ කාලයකට එළියට ගන්නා බව වාර්තාවේ.

කුරුනැගල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත සැකකරුවන් සතියෙි දිනවල ප්‍රවාහනය කිරිමටද මේ නිසා වැඩි කාලයක් හා පිරිවැයක් රජයට දැරිමට සිදුව ඇත.

ඒ අනුව පොල්ගහවෙල, අලව්ව යන අධිකරණ බල ප්‍රදේශවල සියලු වැරදිකරුවන් හා සැකකරුවන් රැගෙන යනු ලබන්නේ කැගල්ල බංධනාගාරයටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *