අතේ ශතේ නැතිව මැදරට දේශපාලනයට  පැමිණ ධණකුවෙිරයන්වුවන්   පිල්මාරවකට සැරසෙයි

අතේ ශත පහක් නැතිව ඉන්න හිටින්න ස්ථිර ඉඩමක් නිවසක් නැතිව සිට දේශපාළනයට පැමිණ මහනුවර  පලාත තුල ඉඩම් රැසක් හිමිකර ගෙන  මාළිගා වැනි මහල් නිවාස තනා ගෙන දේශපාළනය නිසාම ධන කුවේරයන් වූ මහනුවර පලාතේ විවිධ පක්ෂ නායකයන්ට වන්දි භට්ටකම් කර දේශපාළඥයන්  දෙනෙක් මැතිවරණය ලංවන බව ඉවෙන් මෙන් දැනී යලිත් ජනතාවගේ බදු මුදල් යටි මඩි ගැසීමේ අදහසින් දේශපාළනයට අවතීර්ණ වී සිටිති.

මුලින්ම පලාත් සභාවෙන් දේශපාළනයට අවතීර්ණ ව දැනට ප්‍රකෝටිපතියන් වී සිටින දේශපාළකයන් කීප දෙනෙක්ම විවිධ පක්ංෂ වලින් විවිධ ආසන වලට රිංගා යලිත් ජනතා බදුමුදල් ගසා කන්නට එන බව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව පවසති.

පාපැදියක් පවා නොතිබුණු දේශපාළනයට පැමිණ සංචාරක හෝටල් ,නිවාස තුන හතර හිමි,තැබැරූම් දෙක තුන හිමි,දේශපාළකයන්  යලිත් ජනතාවගේ ජන්දය  කොල්ල කා ගැනීමට විවිධ වෙිශයෙන්  මහනුවර නගරය තුල සැරිසරන බව ජනතාව පවසති.

ලෝකයේ දිගම සාරි පොට නිර්මාණය කලේ තමන් බව පවසමින් මැද රට අධ්‍යාපනය විනාශ කර දැමූ,මහජන මුදල් කෝටි ගනන් අයථා ලෙස හිමිකර ගත් මැදරට සංවර්ධනයේ නියමුවා යැයි තමන්ම හඳුන්වා ගත් ඇතැම්  දේශපාළකයින් යලිත් කරළියට පැමිණ ඇතැයි මැද රට ජනතාව පවසති.

දේශපාළකයන්ට වන්දි භට්ට කම් කරමින් මැදරට  ජනතාවගේ බදු මුදල් අයථා ලෙස දේශපාළකයන්ට ලබාගන්නට අත හිත  දුන් මැද රට ඇතැම් රාජ්‍ය නිලධාරින්ද විශ්‍රාම ගොස් යලිත් දේශපාළකයන්ගේ නිර්දේශ මත මැදරට රාජ්‍ය ආයතන වල තනතුරු ලබාගෙන ජනතාවගේ බදු මුදලින් දීමනා ලබාගෙන වාහන තීරුබදු බලපත්‍ර හිමිකරගෙන  යලිත් දේශපාළකයන්ගේ  දූෂණ වංචාවන්ට සහාය දක්වමින් සිටින බවට මැදරට ජනතාව චෝදනා කරති.

මහනුවර  නගරයේ රජය සතු විවිධ ආයතනවල ඇතැම් දේශපාළකයන්ගේද, ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේද  ආශීර්වාදයෙන්  බදුගෙන ඇති පුද්ගලික ව්‍යාපාරිකයන්ඒ වෙනුවට ඇතැම් රාජ්‍ය නිලධාරින්ට ලක්ෂ  25  සිට  සන්තෝසම් මුදල් අතයට දී,ජනතාවගෙන් අධික ලෙස මුදල් ලබාගෙන ඒවායින් ගසාකන බව මහනුවර තතුදත් ජනතාව පවසති.

මහනුවර නගර සභාව සතු ජනතා ආයතන කීපයක් මේ අන්දමින් පුද්ගලික ආයතන වලට බදුදී තිබෙන අතර,නගරයේ වීථීවල රථවාහන ගාල් කර එයින් දෛනිකව අති විශාල මුදලක් උපයා ගන්නා මහනුවර නගරයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ සගයෙකු,නගරයේ රථ වාහන ගාල්කිරීම සඳහා නගරයේ වීථී වසරකට රුපියල් කෝටි 13 ක මුදලක් නගර සභාවට ගෙවා බදුගෙන තිබේ.

මෙම කටයුත්තට දේංශපාලකයෙකුද ගෑවී ඇති බව නගරයේ ජනතාව පවසති.නගර සභාවට අයත් නගරයේ පිහිටි සහශ්‍ර උයන නම් භූමියද, ලක්ෂ  20 ක අත යට ගනුදෙනුවක් ඔස්සේ ලබාගෙන ඇති ව්‍යාපාරිකයෙක් රජයට  ගෙවන බදුද සඟවමින් දෛනිකව විශාල මුදලක් උපයා ගනී. මහනුවර  දිස්ත්‍රික්කයේ සංවර්ධනය ගැන කතිකා කෙරෙන කමිටුවේ ප්‍රධානියාද තැබෑරුම් හිමියෙකි.ඔහුට දේශපාළන වරප්‍රසාද  සියල්ල හිමි අතර රාජ්‍ය දීමනාවක්ද  ලබා දෙයි.දේශපාළනයට  අවතීර්ණ වී කෝටිපතියන් වූ මැදරට දේශපාළකයන්  කීප දෙනෙක් යළිත් පිල් මාරුකර දේශපාළනයට    එනු ලබන්නේ  තව තවත් ජනතාවගේ මුදල් ගසා කෑමට බව මැද රට ජනතාව පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *