කනිෂ්ඨ පොලිස්  සංගමය  භාණ්ඩාගාරික හා ලේකම් සුභ සංගමයක්  බවට පත් කරගෙන

කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සුභ සාධක සංගමය එහි භාණ්ඩාගාරික ගේ සහ ලේකම්වරයාගේ සුභ සංගමයක්  බවට පත්ව ඇතැයි සංගමයේ සාමාජිකයෝ චෝදනා කරති.

භාණ්ඩාගාරික වරයා සහ ලේකම්වරයා ඔවුන්ට හිතු මතයේ සාමාජික අරමුදල් ගසා කමින් සිටින්නේ සභාපතිවරයා සහ විධායක සභාව නිදි කිරමින් සිටින නිසා බවද ඔවුහු චෝදනා කරති.

සාමාජික අරමුදල් ගසා කෑමේ මහා මොලකරු වන්නේ එහි භාණ්ඩාගාරික වරයාය. ඔහු තම ජාවාරම් සඳහා ලේකම්වරයා සම්බන්ධ කරගෙන සිටින්නේ තමන්ට තනිව හොරා කන්නට හැකියාවක් නොමැති නිසා බව සාමාජික පොලිස් නිලධාරීන්ගේ අදහසය.

ඔවුන් කියන හැටියට මෙම ජාවාරම් කිහිපයක් මෙසේය.සංගමයේ විගණනය කල යුතුව තිබෙන්නේ පොලිස් මූලස්ථානයේ ගණකාධිකාරීවරයාගේ මැදිහත් වීම යටතේ අභ්‍යන්තර විගණන අංශය මගිනි.එහෙත් මෙවර භාණ්ඩාගාරිකවරයා සිය තනි කැමැත්තට සංගමයේ විගණනය රුපියල් ලක්ෂ එකොළහක වියදමින් පිටස්තර පෞද්ගලික විගණන සමාගමකට භාර දී තිබේ.ඒ ඉන් සියයට 10ක කොමිස් මුදලක් වෙනුවෙනි.

සංගමය යටතේ මේ දිනවල ත්‍රිකුණාමලයේ  අලුතෙන් සාමාජික නිවස්නයක් ඉදි වෙමින් පවතී.එයට අවශ්‍ය ලී බඩු මිලදී ගැනීමට ඕනෑ තරම් ගෘහ භාණ්ඩ අලෙවිසල් ත්‍රීකුනාමලයේ තිබේ.එහි නොමැතිනම් යාබද දිස්ත්රිකයකින් හෝ මිලදී ගත හැකිය.එහෙත් භාණ්ඩාගාරික ලේකම් ඩබල ත්‍රීකුණාමලයේ නිවස්නයට ලී බදු මිලදී ගෙන ඇත්තේ මොරටුවෙනි.ලොරි ගාස්තුවම කීයක් වන්නට ඇත්ද ? මේවා සාමාජික වැටුපෙන් කපාගෙන සංගමයේ ගිණුමට බැර කෙරෙන මුදල්ය.

සාමාජික නිවස්න සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගත යුත්තේ එහි භාරකරුවන් විසිනි.එහෙත් මෑතකදී භාරකරුවන් නොදැනම භාණ්ඩාගාරික විසින් නිවස්න  පහටම අලුතෙන් බිල් යන්ත්‍ර පහක් මිලදී ගැන තිබේ.එහි වෙලන්ද්පොල් මිල රුපියල් 75,000 ක් වුවත් මිලදී ගැනීම සිදුව ඇත්තේ රුපියල් 135,000 මිලකට එක යන්ත්‍රයකට රුපියල් 60000 ක් වැඩි පුර ගෙවමිනි.

සමුදුර සිසිල නිවස්නයේ භාණ්ඩාගාරිකගේ කාමරයට රුපියල් ලක්ෂ තුනහමාරක් වියදම් කරමින් අලුතෙන්ම වායු සමීකරණ යන්ත්‍රයක් මිල දී ගෙන තිබේ.

සංගමයේ ව්‍යවස්ථාවට අනුව සාමජික මුදලින් කල යුත්තේ මරණාධාර ගෙවීම පමණය.භාණ්ඩ මිල්දී ගත නොහැකිය.අවශ්‍ය භාණ්ඩ  ගැනීම සඳහා වෙනත් ක්‍රම වේදයන් තිබේ.කතරගම නිවස්නය සඳහා විදුලි උඳුනක් මිලදී ගැනීමට  අනුමත කර ඇතත් මිල දි ගෙන ඇත්තේ ගෑස් උදුනකි.නුවර එලිය නිවස්නයට කාමර උණුසුම් කරන යන්තරයක් මිලදී ගෙන ඇත.මේ සියලු මිලදී ගැනීම් සිදුවන්නේ කොමිස් පදනම්වය.

භාණ්ඩාගාරික ලේකම් ඩබල ලහි ලහියේ මෙලෙස නීති විරෝධී ආකාරයෙන් හෝ මුදල වියදම් කරමින් සිටින්නේ තවත් මාසයකට අඩු කාලයකදී ඔවුන්ගේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබෙන බැවින් “ළඟ ළඟ එයි මරු පින් කරගන්නේ ” අදහසින් බව අප වෙත මෙම තොරතුරු හෙළිදරව් කළ පොලිස් පොඩ්ඩන්ගේ අදහසය.මේ යන ආකාරයට හෙට අනිද්දාට කල් පිරෙන් සංගමයේ රුපියල් කොටි 5 කට අධික ස්ථාවර තැන්පතු මුදල සම්බන්දයෙන්ද ගැටුලු මත්ව ඇත. ඔවුන් බිය කරති.ඔවුන් වඩාත් බියට පත්ව සිටින්නේ සංගමයේ භාණ්ඩාගාරික වරයා නුදුරු දිනකදී රට හැර විදෙස් ගත වීමේ සූදානමකින් පසුවන බව දැනගන්නට ලැබී තිබෙන නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *