මහනුවර  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට   මාධ්‍ය වේදීන්ට තහනම්

මහනුවර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  මාසිකව පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ  සංවර්ධනයට අදාළ විස්තර,සංවාද මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනගැනීම සඳහා  වාර්තා කිරීම සඳහා  මාධ්‍ය වේදීන්ට අවසර  ලබානොදෙන බව  මාධ්‍යවේදීන් පවසති.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ  ඇතුලත  කෙරෙන කිසිදු සාකච්ඡාවක් සජීවීව වාර්තාකරණය කිරීමට අවසර ලබාදීම අත්හිටුවා ඇත්තේ  ආණ්ඩුවේ ඉහලින් ලැබී ඇති  චක්‍රලේඛයක්  මත බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටුවේ නිලධාරියෙක් කීය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡාවට  ගනු ලබන්නේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු,සහ ඒවාට වෙන්වූ මුදල් ප්‍රමාණයන් සහ  ඒ ඒ සංවර්ධනයන්හි ප්‍රගති සමාලෝචනය කිරිම සදහාය.

කෙසේ වෙතත් ජනතාවගේ බදු මුදල් වැය කර සිදුකරනු ලබන සංවර්ධන කටයුතු නිසියාකාරව විනිවිද භාවයකින් සිදුකෙරෙන අන්දම පිළිබඳව ජනතාවට  සත්‍ය ලෙසම දැනගැනීමට තිබෙන අයිතිය,මෙම කමිටු රැස්වීමට පැමිණෙන මාධ්‍යවේදීන් සහභාගි වීම වැළැවීමෙන් තොරතුරු දැනගරනිමේ අයිතිය අහිමි වන බව මාධ්‍ය සංවිධාන  පෙන්වා දෙයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කහිටුවෙි සභාපති වරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂමහතායා.ඔහු පසුගියදා සිංගප්පූරුවේදී  තාවකාලිකව පැවිදි. පසුව උපැදි විය.ඔහු පොදුජන පෙරමුණ නියෝජනය කරමින්  මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

4 Comments

  1. Buy Private proxies: BEST PRIVATE PROXIES – Elite quality, Unrestricted bandwidth, 1000 mb/s superspeed, 99,9 uptime, Non constant IP’s, Number application restrictions, Numerous subnets, USA or Europe proxies – Buy Today – DreamProxies.com

  2. Unlimited Elite USA Private Proxies – 100 Anonymity and Fastest Rate – Buy Proxies Now on DreamProxies.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *