මිගමුවේ  දේශපාලඥයාගේ  බියගම දී හසුවු අයිස් ප්‍රමාණයේ  බර අඩුකිරිමේ පරික්ෂණ ලිපි ගොනුව පොලිස්පතිගේ අත්ඩංගුවට

මත්ද්‍රව්‍යවලට නමක් දරා ඇති මිගමුවේ ප්‍රබල දේශපාලඥයෙකුගේ බියගම පොලිසිය අත්ඩංගුවට ගත් අයිස් ප්‍රමාණය පොලිස්පතිවරයාගේ  අනින් බර අඩුකර උසාවියට ඉදිරිපත්කර ඇප ලබා ගෙන යන මැයෙන් අප හෙළිකල පුවත සම්බන්දයෙන් පොලිස් විශේෂ විමර්ශන එකකය මගින් සිදුකළ පරික්ෂණ නතර කර තිබෙි.

ඒඅනුව  වැඩබලන පොලිස්පතිවරයා ලෙස සිටි දේශබන්දු තෙන්නකෝන්ගේ  නියෝගයක් මත මෙම විමර්ශනයආරම්භ කළ අතර එය  හොරාගේ අම්මාගෙන් පේන අහන වැඩක් බව එදිනම රටට කිවෙිය.

ඊට හේතුව මෙම විමර්ශන නිළධාරින් සාධාරණ පරික්ෂණයක් පවත්වා තින්දුවක් ලබා දුන්නද එහි අවසන් වාර්ථාව ලබාදිය යුත්තේ  පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වෙතය.

ඉන් එහා ලැබෙන තින්දුව ගැන අමුතුවෙන් කිවයුතු නැත්තේ පොලිස් භාරයට ගත් මිගමුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලඥයාගේ  නිසා අයිස් මිලිග්‍රෑම් 5520 අඩුකර ඇප ලබා ලත හැකි ආකාරයට  නඩුව ගොනු කරන ලෙසට උපදෙස් ලබා දුන්නේ ඔහු නිසාය.

කෙසේ වෙතත් පොලිස් විශේෂ විමර්ශන එකකයේ පොලිස් අධිකාරි ඩබිලිවි ඒ ආර් බණ්ඩාර විසින් නිකුත් කර තිබු ලිපියේ සදහන් වුයේ  සැකකරු අත්ඩංගුවට ගත්  අවස්ථාවෙි ඊට උරණවු සහ සිද්ධිය විඩියෝගත කළ ඒ  එම්  කිර්තිබංඩාර හෙවත් අරවින්ද නැමති කොස්තාපල්වරයාගේ රාජකාරි ස්භාවය,ඔහු බියගම පොලිසියේ රාජකාරි කළ දිනයේ සිට අනෙක් අංශවල කළ  රාජකාරි විස්තර,වෙනත් ව්‍යාපාරවල නියලෙන්නේද,වෙනත් පොලිස් කොඨටාශවලට ලබා ඇති ස්ථාන මාරුවිමි,සියලුම වාහන භාරදී ඇති නිළධාරින්ගේ වාර්ථා,සියලුම අංශවල නිළධාරින්ගේ නාම ලේඛණය,සැකකාර ලහිරු මදුශංකගේ පෙර වැරදි නාමලේඛනය ආදි තොරතුරු රැසක් වහාම ලබා දෙන ලෙසට බියගම පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙි.

අවසානයේ එම  තොරතුරු විශේෂ විමර්ශන අංශයට ගෙන්වා ගත් පසු ආදාළ ලිපි ගොනුව පොලිස්පතිවරයාගේ අත්ඩංගුවට පත්ව ඇති බව වාර්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *