නකල්ස් අවට වටිනා රජය සතු ඉඩම් රජයේ නිළධාරින් තම නිල බලය යොදා ගෙන ජාවාරම්කරුවන්ට දෙයි

සමහර රාජ්‍ය නිලධාරින් දේශපාලකයන් අභිබවමින් ජනතා මුදල් ගසා කමින් රජය සතු ඉඩම් අයතා ලෙස අත්පත් කරගනිමින් සිටින සිද්ධීන් රැසක් තෙල්දෙණිය මැතිවරණ කොට්ඨාශයෙන් වාර්තා වූයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් වරයා වෙනත් පලාතකට මාරු වීමත් සමගය.

එම නිලධාරියා මාරුවීම ලබා ප්‍රදේශයෙන් යාමටත් පෙර,වෙනත් ප්‍රදේශයකින් තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස පැමිණෙන නිලධාරියා කවුදැයි කලින්ම සොයාගත් තෙල්දෙණියේ වැලි,ගල්,ජාවාරම් කරුවන් ගස් කපා හොරලී ලී ජාවාරමේ යෙදෙන්නන්,කූඨ ව්‍යාපාර කරන්නන්,රජයේ කොන්ත්‍රාත් කරන්නන් රැසක් සංවිධානය වී, තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ බාර ගන්නා නිලධාරියා සොයාගොස්, ඔහුට අතදිග හැර වියදම් කර සුපිරි මත්පැන් සාද පවත්වා තමන්ගේ කූඨ ජාවාරම් වලට එම නිලධාරියා හවුල් කරගෙන ඔහුගේ උදව්වෙන් සිය ජාවාරම් රිසි සේ කරගෙන යන්නට මග පාදාගෙන තිබේ.

තෙල්දෙණියේ කූඨ ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් පලාතේ පිහිටි වටිනා ඉඩම් කොල්ලකෑමටද දැනටමත් සූදානමිව සිටිති.මීට පෙර සිටි ප්‍රාදේශීය ලේකම් වරයෙකු රංගල නකල්ස් අවට වටිනා රජය සතු විශාල ඉඩමක් තම නිල බලය අයුතු ලෙස යොදාගෙන තමන් සතු කරගෙන මේ වන විට සංචාරකයන් සඳහා කබානා ඉදිකර ඇති බව රංගල අවට ජනතාව පවසති.
බිම් කැබැල්ලක් නැතිව සිටින දිළිඳු ජනතාව සිටියදී ඔවුනට රංගල නකල්ස් රක්ෂිතය අවට පර්චස් පහක් ලබාගෙන කුඩා නිවසක් ඉදිකරන්නට ඉඩ නොදෙන ඇතැම් ග්‍රාම නිලධාරින්ද රජය සතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩමි සහ ජනවසමේ ඉඩම් කූඨ ලෙස අත්පත් කරගෙන එම ඉඩම් ලක්ෂ ගනනක මුදලට විකුණා ඇති බව රංගල .තංගප්පුව රේටියගම, අවට නකල්ස් රක්ෂිත ආසන්නයේ පදිංචි ජනතාව පැවසූහ.
දේශපාලකයන්ගේ ගජයන්ද මෙලෙස නකල්ස් රක්ෂිතයේ රජයේ ඉඩම් අනවසරයෙන්අත් පත් කර⁣ගනු ලබන්නේ පලාතේ ඇතැම් රාජ්‍ය නිලධාරින්ට අත දිග හැර මුදල් වියදම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *