පළාත් පාළන මැතිවරණ නාම යෝජනා අවලංගු නොකට මහමැතිවරණකට යාම ගැටලුවක්

විවස්ථානුකුලව පළමුව ජනාධිපතිවරය පැවැත්විය යුතු වුවත් ඊට පෙර මහමැතිවරණයක් පැවැත්වෙන බවට ඉගිපළ වෙමින් පවතින නිසා වහාම පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැදවු ගැසට්ටුව අහොසි කරන ලෙස ඊට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වුවෝ මැතිවරණ කොමිෂන් සභාවෙන් කාර්යාලයෙන් ඉල්ලා සිටිති.
එසේ නොවුන හොත් මහමැතිවරණයක් සදහා නාම යෝජනා කැදවුව හොත් තමන්ට ඊට ඉදිරිපත් විම සදහා බාධාවක් බවතින නිසා එයට එරෙහිව අධිකරණයට යාමට සිදුවන බව එම නියෝජිතයින් බවසයි.
යම් මැතිවරණයක් සදහා නාම යෝජනා භාරදී ඇති අයෙකුට තවත් මැතිවරණයකට ඉදිරිපත්විම සදහා මෙමගින් ගැටලුවක් පැන නගින නිසා මහමැතිවරණයක් කැදවිමට ප්‍රථම පළාත්පාලන මැතිවරණයේ කැදවු නාම යෝජනා අහෝසි කළ යුතුය.
පළාත් පාලන මැතිවණයට නාම යෝජනා භාර දුන් වැඩි පිරිසක් මහමැතිවරණයට ඉදිරිපත්විමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්ථාවෙි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන 340ක පාලනය මේවන විට මහජන නියෝජිතයන්ගෙන් ගිලිහි විශේෂ කොමසාරිස්වරුන් අතට පත්ව ඇත.

ඒ අනුව මහ නගර සභා 29 ක බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති අතර නගර සභා 36 ක සහ ප්‍රාදේශීය සභා 275 ක බලය එම ආයතනවල ලේකම්වරුන්ට පැවරී තිබේ.
අදාළ පළාත් පාලන ආයතන 340ක ඡන්ද විමසීම සඳහා 2023 ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 20 වැනිදා දක්වා ඇප මුදල් භාර ගනු ලැබීය.
ජනවාරි 18 වැනි සිට ජනවාරි 21 වැනිදා දහවල් 12 දක්වා මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැණුනි.
මෙවර මැතිවරණයෙන් පළාත් පාලන සභිකයින් 8000කට අධික පිරිසක් තෝරපත් කර ගැනීමට නියමිතව සිටිහඑහෙත් අවස්ථා දෙකක දී මැතිවරණය සදහා දින නියම වුවත් මැතිවරණය සදහා ආණුඩුවෙන් මුදල් ලබා නොදිම නිසා එය දිනනියමයක් නොමැතිව කල් දමා තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *