මධ්‍යම  අධ්‍යාපන  කාර්යාලයේ සිටින රූපලාවන්‍ය ශීල්පිනියක්  නිසා සියලු වැඩ අවුල්

මධ්‍යම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙි  මහනුවර දුම්රිය ස්ථානය ආසන්නව පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඉහළ පුටුවකට පත්වීමක් ලැබ පැමිණි රූපලාවන්‍ය ශීල්පිනියක්  ඇගේ නිලකාමරයට  පැමිණි වෙලේ සිට කොණ්ඩෙ පීරමින් මේකප් දමමින්  වායූ සමනය කල නිල කාමරයට වී නිකරුණේ දවස ගෙවන බව වාර්ථාවේ.

 ඇය පලාතේ ගුරුභවතුන්ගේ රාජකාරි කටයුතු වලට අදාළ නිල ලිපි ගොනු වලට සම්බන්ධ රාජකාරිය පසෙකලා සිය රූපය ලස්සණ කරගැනීමට දවස පුරා රාජකාරි වේලාව මිඩංගුකරන බවත් ගුරු සංගම් නියෝජිතවරු සහ එම කාර්යාලයට රාජකාරි කටයුතු කර ගැනීමට ගොස් එම කාර්යාලය අසල වරු ගනන් හිටගෙන රැඳී සිටින ගුරු භවතුන් පවසයි.

අවිවාහක ඇය නිරන්තරයෙන් සියරූ සපුව  පවත්වා ගෙන යාම සඳහා රාජකාරී වෙලාව වැය කිරීම ගුරු සංගමිවල දැඩි දෝෂ දර්ශණයට ලක්ව තිබෙි.මෙම කාර්යාලයේ ඉහළම පලාත් නිලධාරියා   භෝජනාගාර හිමියෙකුගේ සාක්කුවට වැටී පසුගියදා තායිලන්තයේ  පතායා  නුවරට ගොස් එරට සුරූපිනියන්ගේ රූ සපුව නරඹා පැමිණි අයෙකු බවද වාර්ථාවෙි.

මෙම කාර්යාලයෙන් ගුරුවරයෙකුට අදාළ නිල රාජකාරී කර ගැනීමට නම් සති කීපයක් කාර්යාලයට යායුතු බවද පලාතේ ගුරු භවතුන් පවසති.

අසරණ ගුරු භවතුන්ගේ සේවා කටයුතු වලට අදාළ රජකාරි කරගැනීමට සති කීපයක් එම කාර්යාලයට ගියද  අන්දර මල් සුවඳ වෑහෙන  කලාප භාර නිලධාරිනියගේ මේකප් වැඩඅවසන්වන තුරු   ඇගේ නිල කාමරයට යාම තහනම් බවද  ගුරු සංගම් නියෝජිතයන් පවසති.

ශීත  කාමරයෙන් පිටතට ඒමට දැඩි අකමැත්තක් දක්වන මෙම උසස් නිලධාරිනිය ඇගේ මේකප් වලට දහඩිය දමාවි යැයි  සිතා කාර්යාලයෙන් පිටතට නොයන බව  මෙම නිලධාරිනියගෙන් රාජකාරී කරගැනීමට ගොස් එම කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකි වූ ගුරු භවතුන්   සහ කාර්යාලයේ සේවකයන්  පවසති.මැදරට පොහොට්ටු දේශපාලකගේ  හෙංචයියෙකු වන මෙම කාර්යාලයේ පලාත භාර මහ පුටුව හොබවන්නාද   තමන් යටතේ සිටින රූපලාවන්‍ය ශීල්පිණිය කරන කියන කිසිවක් සොයා නොබලා  සිටින අයෙකු බව ගුරු සංගම් චෝදනා කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *