තෙල්දෙණිය පොලිසියේ තනිතරුවගේ කප්පම් ගැනිල්ල ප්‍රදේශයටම හිසරදයක්

වසර ගනනාවක්  පොලිස් කොස්තාපල් සහ  සැරයන් තනතුරේ  සිට මෑතකදී උප පොලිස්  පරීක්ෂක ලෙස එක තරුවක්  නිල කබායේ උරහිස පැළඳි   පොලිස්  නිලධාරියෙකු තෙල්දෙණිය පොලිස්   මුලස්ථානයට     මාරුයීමක් ලැබ පැමිණි දා සිට  මහ මගට බැස පොලිස් යතුරු පැදියේ නැගී  සවාරි යමින්  සුළු සුළු මාර්ග වැරදි කරන ත්‍රිරෝද රියදුරන් පසු පස හඹා යමින්  ඔවුන්ගෙන්   රුපියල් දසදහසක කප්පමි ඉල්ලමින් කරදර කරන බව තෙල්දෙණිය පොලිස් කොට්ඨාශයේ  රියදුරුන්  පවසයි.

වීරයෙකු මෙන්  හැසිරෙන මෙම  තනිතරුවේ පොලිස් නිලධාරියා මස් රාත්තලම ඉල්ලමින්  මහ මග රියදුරන්ගෙන් කප්පම් ගැනීම පොලිස් මූලස්ථානයේ අනෙකුත් පොලිස් නිලධාරින්ගේ දෝෂ දර්ශණයටද ලක්ව තිබේප්‍රදේශයට අලුතෙන් මාරුවීමක් ලැබ පැමිණි මෙම තනිතරුවේ පොලිස් නිධාරියා තෙල්දෙණිය පොලිස් කොට්ඨාශයේම  දුෂ්කර ගමක පදිංචි අයෙකි. .

සුළු වරදක් වූ විට එම වරද කල රියදුරාට තග දමමින්  තමන් සමග සෙල්ලම් නොකරන්නැයි පවසමින්  සිද්ධිය සමථයකට පත් කරගන්නට නම් මොණර කොල  දහයක්  හෙවත් රුපියල් දසදහසක් දෙන්නැයි සිය කටින්ම ඉල්ලා සිටින බව බොහෝ දෙනෙකු පැවසූහ.

මෙවැනි නිලධාරින්  රථවාහන අංශ වල සිටීමෙන් අසරණව සිටින ජනතාව තවත් අසරණ තත්ත්වයට පත්කරවන බව පවසන රියදුරු මහතුන් මේ අයුරින් දිනකට තිදෙනෙකුගෙන්වත්    දසදහස බැගින් තිස්දහසක   මුදලක් උපයන බව  බොහෝ දෙනෙක්  පැවසූහ.

මෙම  පොලිස්  නිලධාරියාගේ කප්පම් ගැනීමට එරෙහිව ප්‍රදේශයේ  ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *