ඉන්දන බෙදුම් කරුවන්ට සංස්ථා තෙල් එපා කරන බදු අයකිරිම නිසා 4 වෙනිදා සිට තෙල් නතරවන ලකුණු

ඉන්දන බෙදුම්කරුවන් විසින් මාසිකව ලබාගන්නා මුළු වට්ටම් මුදලින් 35%ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අයකර ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් කටයුතු කරමින් සිටින බවට ඛනිජ තෙල් බෙදුම්කරුවෝ චෝදනා කරති.
සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් බෙදුම්කරුවන්ට ලබාදෙන වට්ටම් මුදලින් 0.25% අයකර ගනු ලබයි.
සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත ලබා දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්‍රතිශතයෙන් (2.75% වැනි) තවත් කොටසක් සංස්ථාව වෙත නැවත ලබා ගැනීමට ප්‍රයත්න දැරීම බෙදුම්කරුවන් පිලිකුලෙන් යුතුව හෙලා දකී.
පිරවුම්හලේ සියලුම වියදම් සහ බදුද බෙදුම්කරුවන් විසින්ම ගෙවිම සිදුකරන අවස්ථාවේ බෙදුම්කරුවන් විසින් මාසිකව ලබාගන්නා මුලු වට්ටම් මුදලින් 35% මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අයකර ගැනීම සඳහා වූ තීරණය මාර්තු මස 4 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සංස්ථාව කටයුතු යොදා ඇති බැවින් එයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සිය සාමාජිකයින් සමඟ හෙට දින තීරණයක් ගැනීමට නියමිතය.
සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත ලබා දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්‍රතිශතයෙන් (2.75% වැනි) තවත් කොටසක් සංස්ථාව වෙත නැවත ලබා ගැනීමට ප්‍රයත්න දැරීම බෙදුම්කරුවන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ද බෙදුම්කරුවෝ පවසති.
මෙම තත්වය අනුව 4 වන දින ඉන්ධන ලබාගැනීමට තැන්තැන් කරන මුදලින් අත්තනෝමතික ලෙස අයකරගැනීමට කටයුතු කලහොත් රට පුරාම ඉන්ධන හිගයක් ඇතිවිම වැලැක්විය නොහැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *