මනුෂ මැතිවරණ ඉලක්ක කර විදේශ නියුක්ති කාර්යංශයේ මුදල් වැය කර මාධ්‍ය සංසද හදයි

මැතිවරණ උණුසුම ලඟාවෙද්දී කවදාකවත් නැති අන්දමට  දේශපාළකයන් මාධ්‍යවේදීන්ට  පුදුමාකාර  ලබැඳියාවක් දක්වමින් මහනුවර නගරයේ සුපිරි හෝටල්වලට මාධ්‍යවේදීන් කැඳවා අධික මිළ සහිත රසමුසුව වලින් යුත් දිවා  භෝජන සංග්‍රහ පවත්වමින් මාධ්‍ය සංසද පිහිටුවමින් අමුතු සැළකිළි ලබාදීම ආරම්භ කර තිබේ.

පසුගිය මස 01 වනදින මහනුවර පලාතේ  මාධ්‍යවේදීන්,  වෙබ් මාධ්‍යකරුවන් හා අවට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්  සියලුදෙනා ඒක රාශී කරමින්    සාකච්ඡාද පවත්වන ලදි.

විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙම සුපිරි වැඩ සටහනේ වැඩකරු වී මහනුවර සියළු ප්‍රාදේශීය මාධ්‍යකරුවන් ඒකරාශී කර ඉදිරියේ පැවැත්වෙන මැතිවරණය සඳහා  මාධ්‍ය සහාය ලබා ගැනීම මෙම වැඩ සටහනේ අරමුණ වී  තිබුණු බව හෙළිවිය.  රසවත් කෑම වේලක් ලැබෙන වැඩක් නිසාත්,ඇමතිවරයෙකු මූලික වී ආරම්භ කෙරෙන මාධ්‍ය සංසදයක් නිසාත් සිද්ධ වෙන්නේ කුමක්ද කියා නොදන්නා බොහෝ මාධ්‍යවේදීන් ⁣ මහනුවර ප්‍රධාන හෝටලයේ පැවති  දහවල් කෑමත් සමග වූ මෙම වැඩ සටහනට බෝහෝ දෙනෙක් සහභාගි  වූහ.

එක්සත් ජාතික පක්ෂයේ  හිටපු පලාත් සභා මන්ත්‍රිනී  ශාන්තිනී කෝන්ගහගේ  මහත්මිය ඇතුළු එජාපයේ ක්‍රියාකාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. මෙම වැඩ  සටහන  සඳහා   සම්බන්ධීකරණ කටයුතු මහනුවර හීරැස්සගල හන්දියේ  පිහිටි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් හා කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි.

මෙම සියලු කටයුතු සඳහා පිරිවැය දැරීම ශ්‍රිලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිදු කරන ලද බවට වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *