අසරණ රෝගීන් ගසාකන  මහියංගණ   රෝහලේ කළු කඩ ආපන ශාලාව

දිනපතා  දහස් ගනනක්  යන එන   මහියංගණ රජයේ  රෝහලේ ආපන ශාලාව අසරණ රෝගීන් ගසාකන  කළු කඩයක් බව එම රෝහලේ ආපන ශාලාවට යන එන රෝගීන් සහ ඔවුන්ගේ නෑදෑයන් පවසති.

සුබසාධක  නාම පුවරුවට මුවාවී  ආප්පයක් රුපියල් 40  කටද  ඇම්බන් වර්ගයේ කෙසෙල් ගෙඩියක් රුපියල්  80  සිට  100  දක්වාද කිරි තේ එකක් රුපියල්  150  කටද අළෙවි කරන මෙම අපන ශාලාවේ හිමිකරු අසරණ රෝගීන් ගසාකද්දී රෝහල් පාලනාධිකාරිය ඔවුනට අඩු මුදලට අළෙවි කරන ආහාර පාන බුදිති.

මෙම රෝහලේ  කළු කඩ සුබසාධක ආපන ශාලාවෙන්  ආප්ප  4  ක්  සහ කිරි තේ එකක් බීව  මහියංගණ නගර වැසියෙකුට හෝටල් හිමිකරුගෙන් රුපියල්  460   බිලක් ලබුණු විට එම පුද්ගලයා මවිතයට පත්වූ බව ඔහු කීයඅසරණ රෝගීන් ගසා කන මෙම ආපන ශාලාවෙන් සුබ සාධක නාම පුවරුව ඉවත් කරන්නැයි රෝහලට යන එන රෝගීන් සහ ඔවුන්ගේ නෑදෑයින් රෝහලේ වෛද්‍ය අධිකාරී වරයාගෙන් ඉල්ලා සිටිති.

අත යට ගනුදෙනුවක් ඔස්සේ මෙම  රෝහල් ආපන ශාලාව අදාළ ජාවාරම්කරුට ලබාදී ඇති බවද  රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගෙන් දැන ගන්නට ලැබිණි. මහියංගණ  රෝහලේ මෙම කළු කඩය  අසරණ රෝගීන් ගසා කන්නේ  රෝහල් පාලනාධිකාරියේද අනුදැණුම ඇතිව බව රෝහල් සේවකයන් හා මහජනතාව පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *