දඹුල්ල PHI ට සාපරාධි බලහත්කාරය පෑමේ කළ හිටපු නගරාධිපති ජාලිය ඇපමත මුදා හැරියි

දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සාපරාධි බලහත්කාරය පෑමේ චෝදනාවකට දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දඹුල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා දඹුල්ල දිසා මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීරයක් මත මුදා හැරියාය.
පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කළ හිටපු නගරාධිපති ජාලිය ඕපාත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන 28 දින පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ඉකුත් 21 දින පැවති ශ්‍රී ලංකා ඇප්ගනිස්තාන් 20/20 තරගය පැවති අවස්ථාවේදී හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් බැන වැදී තර්ජනය කිරීම, අපහාස කිරීම,මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක යොහාන් අබේසේකර දඹුල්ල පොලිසියට පැමිණිලි අංක d 113/232 හා CIB iii 14/202 යටතේ පැමිණිලි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *