රාජරත්නම් හා දේශබන්දු සහ පොලිස් කොමිෂම නිතිය සමග සෙල්ලමි කරයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්තත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිනෙන් දින ලංකාව ලෝකය ඉදිරියේ හෑල්ලුවට හා අපහසුතාවයට සහ අපහාසයට ලක්කරමින් සිටී. එහි අලුත්ම පරිච්චේදය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට 36 වන පොලිස්පති වරයා පත්කිරීමයි. ලෝකය ඉදිරියේ රටක පැවැත්ම රදා පවනින්නේ මූළික අත්තිවාරම් කණු තුනක ආධාරයෙනි. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ත්‍රිත්වයයි.

 විධායකය විසින් අධිකරණය සහ ව්‍යවස්ථා දායකය පාලනය කිරීමට හෝ ඒවායේ කාර්යන්ට අනිසි ලෙස අත පෙවීම සිදුකල හොත් එහි පල විපාක පොදුවේ රටටම බලපාණු ඇත. ව්‍යවස්ථාදායකය විධායකයට සහ අධිකරණයට අනිසි බලපෑම් කිරීමද එසේමය. අධිකරණ නීත්‍යානුකූ නොවන ක්‍රියාමාර්ග හරහා විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට බලපෑම් කිරීම කල හොත් එයද රටේ පාලනය පවත්වාගෙන යාමට බාධාවක් වන්නේය. විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට බලපෑම් කිරීමට අධිකරණයට නොහැකි වුවත් විධායකය හෝ ව්‍යවස්ථාදායකය විසින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස නීතියක් හෝ රීතියක් ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන ඕනෑම මොහොතක එය නවතා ලීමට අධිකරණ විසින් නියෝග නිතුත් කල යුතුයි.

කරුණු කාරනා මෙසේ හෙයින් 36 වෙනි පොලිස්පති වරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම ව්‍යවස්ථා දායකය අධිකරණය නොසලකා හැර උම්මත්තකයකු ලෙස ක්‍රියාකර ඇත. එම සිදුවීම කුමක්ද? පසුගිය දෙසැම්බර් 14 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහුට එරේහිව නඩු තින්දුවක් ප්‍රකාශයට පත්කළ අතර පුද්ගයෙකුට කෲර ලෙස වදහිංසා පැමිණිවිමට එරෙහිව එම පුද්ගලයාගේ  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබදව දෙන ලද නඩු තීන්දුවයි. එම නඩු තීන්දුවේදී එහි වග උත්තර කරුවකු වූ නඩුව පවරන අවදියේ නුගේගොඩ හිටපු පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්ට පැමිණිලි කරුට ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂ 5 ක් ගෙවීමට නියම කිරීමයි.  එසේම ඔහු සමග තවත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට ,සිවිල් පුද්ගලයෙකුට සහ රජයට පැමිණිලි කරුට මුදල් ගෙවන ලෙසට ද නියෝග කේලය.ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් කොමිසම වෙත නියෝග කර තිබුණි. 

එසේම අදාල මානව හිමිකම් නඩුවේ නිමිත්තක් ලෙසට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථා දක්වා තිබුණි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථා යටතේ පොලිස් නිළධාරියෙකුට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරූ අවස්ථාවේදී නීති පති වගඋත්තර කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එහෙත් මෙම නඩුවේදී නීතිපති වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටීම ජුගුප්සාජනකය.නීතිපති නීතිය ගණිකා වෘර්තියේ යෙදවූ කදිම අවස්ථාවකි. ඊළග නාටකය රඟදක්වන්නේ කොන්දක් නැති නමට ස්වාධීන පොලිස්  කොමිසමයි. ශ්‍රේස්ඨාධිකරණය පොලිස් කොමිසමට නියෝග කරේ මානව හිමිකම් උල්ලංඝනය කල පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මිස නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස නොවේ. විනය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති ගෙන් උපදෙස් ඉල්ලනවා කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය. පොලිස් කොමිසම නියෝජනය කරන හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතා පොලිස් නිළධාරීන්ට  එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ආකාරය හොදින් දනී. හිටපු විනිසුරු තුමෙක් වූ සභාපති වරයා තමාගේ නිකැළැල් ඉතිහාසය කළු පාටිං පාටකර ගත්තේ ඇයි? මෙම ක්‍රියාවලියට සමගාමීව නීතිපති වරයා විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිළධාරීන් තිදෙනාට එරෙහිව කෲර වදහිංසා ආඥාපනත යටතේ අධි චෝදනා ගොණුකල යුතුය. එසේ නොකර නීතිය ගනිකා වෘර්තියේ යොදවමින් සිටින්නේ නම් වත්මන් නීතිපති සංජය රාජරත්නම්ට අනාගතයේ දිනක අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අනිවාර්යයෙන්ම සිරදඩුවම් නියමවනු ඇත.

 ගැටුම තීව්‍ර කරන්නේ කතානායක වරයා සභාපති ධූරය දරණ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දායක සභාවයි. ව්‍යවස්ථාදායක සභාව බෙදුන තීන්දුවක් යටතේ 36 වෙනි පොලිස්පති වරයා තෝරාගන්නේ එම පුද්ගලයාව වැඩ බලන පොලිස්පති ධූරයට පත්කිරීමට එරෙහිව ගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කතානායක වරයාව වග උත්තර කරුවකු ලෙස පවරන ලද මානව හිමිකම් නඩුවක් අධිකරණය ඉදිරියේ තිබියදීය. වත්මන් කතා නායක මහින්ද යාපා යනු පාස්කු ප්‍රහාරට අනුබල දුන් අයකු ලෙසට අනාගතයේ දී දඩුවම් ලැබීමට නියමිත අයකු නිසා හිතාමතාම ඔහු අධිකරණ හෑල්ලුවට ලක්කිරීම සදහා මෙම පත්කිරීම සිදුකලාද යන්න. මීලග ගැටුම ඇතිවන්නේ මින් ඉදිරියට යම් පොලිස් නිළධාරියෙකුට එරෙහිව කෲර වදහිංසා පැමිණවීමට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණුකරන විටය. එහිදී රටේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බවට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු නොපැවරීමේ න්‍යාය තමන්ට හිමි නොවන්නේද? කියා නීතිපතිට එරෙහිව ඍජු මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබදව නඩුවැටෙනු ඇත. හොරෙකු දූෂකයකු තමන්ට ලැබෙන පුද්ගලික වාසිසහ සංතෝසම් නිසා රටේ පොදු නීතිය අවභාවිතා කීරීමට එහා ගොස් නීතිය ගනිකා වෘර්තියේ යොදවන්න සියළුම පාර්ශ්වයන්ට ඉඩ සලසමින් රටේ ජනාධිපතිවරා යන මේ ගමනේ නිම කොතනද?

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් තිදෙනාට එරෙහිව කෲර වදහිංසා ආඥාපනත යටතේ නඩු පරවා නඩුකරයක් දැමූ පමනින් ඔවුන් එහි වැරදිකරුවන් වන්නේය. එයට හේතුව රටේ උත්තරීතර ශ්‍රේස්ඨාධිකරණය විසින් ඔවුන් වගඋත්තර කරුට කෲර වදහිංසා දී ඇතිබව ඒකමතිකව නිගමනය කර ඇති නිසාය. එම වරදට වරද කරුවන ඕනෑම පුද්ගලයකුට බරපතළ වැඩ ඇතිව සත් වසරක සිට දස වසරක් දක්වා වූ සිර දඩුවමකට සහ රුපියල් දස දහසේ සිට රුපියල් පනස් දහස දක්වා දඩුවමකට යටත් විය යුත්තේය. එය එම ආඥාපනතේ 4 වෙනි වගන්තියේ පැහැදිලිවම දක්වා ඇත.

කෙසේ වෙතත් දේශබන්දු පොලිස්පති ධුරයට පත් කිරිමේදී ව්‍යවස්ථාදායක සභාවෙි අනුමැතිය ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් මතුව තිබෙි.එහි සාමාජිකයින්ගේ සිව් දෙනෙකු දේශබන්දු තෙන්නකෝන පොලිස් පතිධුරයට පත් කිරිමට කැමැත්ත පළ කර ඇති අතර සමාජිකයින් දෙනෙකු විරුද්ධවී ඇති අතර අනෙක් සමාජිකයින් දෙදෙනා ජන්දය ලබා දිමෙන් වැලකි සිට ඇත.එහෙත් එවැනි අවස්ථාවලදී කථානායකවරයාගේ ජන්දය ලබා දිය නොහැකි  අතර ඔහුට ජන්දය ලබාදිය හැක්කේ  ජන්ද සංඛාව සමවු අවස්ථාවලදීය .ඒ අනුව එම ක්‍රියාවලිය ව්‍යවස්ථාවට පටහැනිව ස්දු කළ පත්විමක් බව පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *